Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 05
2,739
Views
සංජීවනී නොකියාම යන්න ගියේ?

නොකියාම නෙවෙයි. අපේ පුතා ඉගෙන ගන්නෙ ටෙක්සාස්වල. වෛද්‍ය උපාධිය වෙනුවෙන් එහි ඉගෙනීම් කරනවා. ලංකාවේ හිටියෙ මමයි සැමියයි දියණියයි. මගේ අයියලා දෙන්නා ජීවක සහ සංජීව බොහෝ කාලයක සිට ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ. ඉතින් අපේ මුළු පවුලටම ඇමෙරිකාවෙ වෙසෙන්න අවස්ථාව ලැබුණා. අපි දැන් ඉන්නෙ කැලිෆෝර්නියාවල. ටෙක්සාස්වල හිටපු පුතාත් දැන් අපි ළඟට ආවා. එයා ඉතා හොඳින් වෛද්‍ය අංශයේ ඉගෙනීම් කරනවා. ඇමෙරිකාවට ඇවිත් දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒත් ගෙවී ගිය කාලයේදී කීප වතාවක්ම ලංකාවට ආවා. 

එදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙරදා අපි තව යාළුවෝ කට්ටියක් එක්ක දිවා ආහාරය යන්න සිනමන් ග්‍රෑන්ඞ් එකට ගියා. පසුවදා මගේ හොඳම හිතවතියක වු ශාන්තා මායාදුන්නේ සහ දියණිය මියගිය බව දැන ගත්තාම ඇති වුණේ පුදුම දුකක්.

 ලංකාව ගැන මොකද හිතන්නෙ?

ලංකාව ඇතුළෙ ඉන්නවට වඩා පිටින් බලද්දී අපේ වගකිවයුතු අය කරන වැරදි හොඳට පේනවා. මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් වුණේ. මොන දේ වුණත් මම ජීවත් වෙන්න කැමති මගේ රටේ. විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක අපි රට දාලා යන්න හොඳ නැහැ. මම ආවේ දරු දෙදෙනාගේ අධ්‍යයන කටයුතු  වෙනුවෙන්. ඒ ස්ථාවරය හදාලා ආපසු ලංකාවට යන්න හිතා ගෙනයි. එළැඹෙන මාසයේදී ආයෙත් ලංකාවට එනවා.

 ඇවිත්?

ඇවිත් සුපුරුදු විදියට කලාවේ මම නියැලෙච්ච වැඩවල නියැලෙනවා. ඒ අතරේ දරුවන් බලන්න  ඕනෑම වෙලාවක යන්න පුළුවනි.

 අලූතින් ගැයු ගීත මොනවද?

පියල් ජයශංඛගෙ රචනයට, තිළිණ රුහුණුගෙ සංගීතයට ‘සිත්යායේ, ගීතය කළා. මගේ මහත්තයාගේ අම්මත් මෙහේ ඇවිත් ඉන්න නිසා අපි ඒ ගීතය මෙහිදීම රිලිස් කරන්න සූදානමින් ඉන්නෙ. ඒ නිසා කොහේ කොතැන සිටියත් මට කලාවෙන් ඈත්වෙලා ඉන්නට බැහැ. ජීවිතය මේ දක්වා ගෙවිලා ගියේ ගායනය, නිවේදනය, රංගනය සහ ඊට අමතරව වෘත්තීය අංශයෙන්. මා ලැබූ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ වූ රැකියා වෙතින් මේ නිසා මට ඒ කිසිවකින් ඈත්වෙලා සිටින්නට බැහැ. ළඟදීම ලංකාවට ඇවිත් සුපුරුදු විදියට ඒ වැඩවල නිරත වෙනවා.

 ඔබගේ සැමියා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දැන් ඔහු ක්‍රිකට් අත් හැරලද?

මගේ සැමියාගේ නම සුසන්ත ඩි මෙල්. ක්‍රිකට් නැති ජීවිතයක් එයාට නැහැ. මෙහේ ඇවිත් අයියලා එක්කත් එක්වී ක්‍රීඩා කළා. 

ඔබ ඇමෙරිකාවට වෙලා මොනවද කරන්නේ?

මෙහි රක්ෂණ ක්ෂේත්‍රයේ මුල්‍යමය ආයතනයකට සම්බන්ධ වී කටයුතු කරනවා. මෙහේ ඇවිත් නිකම් හිටියෙ නැහැ. විභාග සමත් වුණා. සුදුසුකම් තියෙනව නම් මෙහේ  ඕනෑ තරම් අවස්ථා තියෙනවා. ලංකාවෙ මම ්ඵෂ සුදුසුකම් සපුරාලූ කෙනෙක්. ළමා මානසිකත්වය ගැන උපාධියක් පවා තියෙනවා. ඒ දිනවල මම පෙර පාසලක් පවා  පවත්වාගෙන ගියා. දැන් මගේ අදහස ආපහු ලංකාවට ඇවිත් මගේ සේවය ලබාදීමටයි. මේ වගේ දුෂ්කර අවස්ථාවක අපි අපේ රට දාලා යන්න හොඳ නැහැ. ඒ හැරත් මම පොරොන්දු වූ විදියට ටී.වී. චැනැල්වල වැඩ සටහන්වලටත් දායක වෙන්න තිබෙනවා.

කොහොමද ජීවිතය?

මෙහේ ඉතින් ගොඩාක් වෙනස්. ජීවන රටාව හරිම වෙනස්. පිරිසිදුකමේ  සිට සියල්ල හරිම පිළිවෙලයි. පෝලිම් කඩාගෙන කවුරුවත් යන්නේ නැහැ. හරිම හික්මීමකින් හැමෝම කටයුතු කරනවා. මේ පිළිවෙත් ඔවුන් කරන්නෙ කවුරුත් කියලා නෙවෙයි. රටේ ආ පිළිවෙත  ඔවුන් වෙනස් කරන්නෙ නැහැ. හැමෝම නීතිරීති පිළිපදිනවා.  ලංකාවේ නැති මෙහේ ඇති එකම දේ අන්න ඒ පිළිවෙලයි. කඩයකට සාප්පුවකට ගියාම පවා බඩු ගන්න එන අයට ලැබෙන පිලිගැනීම වගේම උපකාර කිරීම හරිම ඉහළයි. පොලිස් නිලධාරියකු මගතොටදී හමු වුනාම පවා හරිම කාරුණිකව අමතන්නෙ. ඒ වගේම සුදුසුකම්වලට සහ හැකියාවට මිසක් මිත්‍ර ඥාති සබඳතා හෝ වෙනත් අයථා ක්‍රමවලට කාටවත් රස්සා දෙන්නෙ නැහැ. වයස අවුරුදු 55 ඉක්මවූ අයත් ඉගෙන ගන්න යනවා. රටට වැඩදායි පුද්ගලයින් ඒ මගින් බිහිකිරීම මේ රටේ පාලනයේ අදහසයි. ඉතින් වයසට ගියා කියලා කවුරුවත් ඉගෙන ගන්න මැළි වෙන්නෙ නැහැ. ඉගෙන ගන්න ලැජ්ජා වෙන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් පහසුකම් පවා රජය සපයනවා.

අපි වසර විසි පහක් ලංකාවේ ඉඳලා හරි හම්බ කළාට වඩා මෙහේ ඇවිත් ටික කාලයකින් ආව මහන්සියට වටිනාකම  ලැබුණා. අනෙක ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමහර අංශ සඳහා තියෙන අවස්ථා අඩුයි. එහෙම අවස්ථා තිබුණේ නම් මම හිතන්නෙ බොහෝ දෙනෙක් තමන්ගෙ දරුවන් පිටරටවලට යවන්නෙ නැහැ. අපි මෙහේ ආවේ අපට යමක් කමක් නොතිබුණ නිසා නෙවෙයි. දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්නයි. ඇත්තටම කිව්වොත් අධ්‍යාපන ක්ෂේතයේ තියෙන ප්‍රශ්න නිසා අපේ රටේ ළමයින් බොහෝ දෙනා සිටින්නෙ මානසික පීඩනයකින්. ඒ වෙනස මෙහි සිටින විට හොඳට තේරෙන දෙයක්. මේ රටේ ලොකුම සල්ලිකාරයාගේ පුතා හෝ දුව වුණත් පාසල් ගිහින් ඇවිත් කාර් එක සෝදන්න  ඕනෑ. කම්පැණි එකේ ප්‍රධානියා තාත්තා වුණාට දරුවන් බිංදුවේ සිට ඉගෙන ගෙන එන්න  ඕනෑ. කුණු ටික පවා අස් කරන එක එයාලගෙ වගකීමක්. ඒ වගේම හැමෝටම ශ්‍රමයට සරිලන වැටුප ගෙවනවා. ඉතින් මේ වගේ සියල්ල හොඳ වුණාට කලාව එක්ක ගහට පොත්ත මෙන් බැඳී සිටින නිසා ලංකාවෙන් ඈත් වෙලා ඉන්න එක හරිම අමාරු දෙයක්.

  සඳුන් ගමගේ 

20190801Sanjeewani-1
20190801Sanjeewani-2
20190801Sanjeewani-3
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top