Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 05
1,466
Views
හර්ෂණ බෙත්මගේ හා වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයට කදිමට ගැලපුණු පෙම් යුවළක්. ඒ නිසාම විවාහයෙන් අනතුරුවත් මේ දෙන්නා පුංචි තිරයට පෙම්වතුන් වුණා. බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් මේ දෙදෙනා විවාහ ජිවිතයට තිත තියලා කියලා පසුගිය කාලය පුරාවටම කතා පැතිරුණත් එහි ඇත්ත නැත්ත ගැන කිසිකෙනෙක් දැනගෙන හිටියේ නැහැ. එනිසා හිරු අපි හර්ෂණගෙන් ඒ ගැන හා ඔහුගේ අලුත් තොරතුරු විමසන්න ඔහුව සම්බන්ධ කරගත්තා. මේ ඔහු කියන කතාවයි 

හර්ෂණ කොහොමද ජිවිතේ, අලුත් වැඩකටයුතු කොහොමද..?
මේ දවස්වල නම් නිර්මාණ එක්ක කාර්යබහුලයි. ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම් තියෙනවා. ඉදිරියේදී නිර්මාණ කිහිපයකින්ම දැකගන්න පුළුවන් වෙයි. ඒ වගේම හිරු ටි වී එකේ විකාශය වෙන හුස්මක් තරමට නාට්‍යට ආරාධනා ලැබුණා. මගේ චරිතය ලගදීම ඒ නාට්‍යයෙන් දැකගන්න පුළුවන්. වෙළෙද දැන්වීම් දෙකකටත් ගීත රූප රචනාවකටත් සම්බන්ධ වුනා.

රූප රචනා වලින් කාලයක් ජනප්‍රිය වුණු හර්ෂණ කාලයක් රූප රචනාවලින් දැකගන්න ලැබුණේ නැහැ. ඒ ඇයි ..?
හරිටයම අවුරුද්දකට පස්සේ තමයි මම රූප රචනාවකට සම්බන්ධ වුණේ. දැන් රූප රචනා බොහොමයකට ආරාධනා ලැබිලා තියෙනවා. තෝරාබේරාගෙන තමයි මම සම්බන්ධ වෙන්නේ. පහුගිය කාලයේ නිරුවත් වීඩියෝ වැඩිපුර දැකගන්න ලැබුනා. නිරුවත පෙන්නලා රූප රචනා කලාව එපාම කළා. දැන් ඒ රැල්ල ටිකෙන් ටික නැතිවෙමින් යනවා. ඒ නිසයි දැකගන්න නොලැබුණේ.

හර්ෂණ දැන් ආයෙමත් තනිකඩ ජිවිතයක් ගත කරනවා කියලා ආරංචියි..?
ඔව්. ඉස්සර වගේ ආයෙමත් තනිකඩ වුණා. දැන් නිදහසේ සතුටින් මගේ වැඩකටයුතු කරගෙන ජිවත් වෙනවා. 

ඔබයි වොල්ගයි පුංචි තිරයට වගේම සැබෑ ජීවිතයටත් ගැලැපෙන පෙම් යුවළ වුණා. පසුව විවාහ වුණා. දැන් ඒ විවාහ ජිවිතයට තිත තබලා කියලා ආරංචියි . ඒ ගැනත් කියමු..?
ඔව්. මමයි වොල්ගයි නීතියෙන් වෙන් වුණා. අපි දෙන්නා වෙන් වෙලා අවුරුද්දක් වෙනවා. අපි දැන් ඩිවෝස් වෙලා දෙපැත්තක ජිවත් වෙනවා. කිසි කෙනෙක් ඇත්ත මොකක්ද කියලා දන්නේ නැතුව අපි ගැන කතා ගොතනවා. බොරු ප්‍රචාර යනවා. ඒ කිසිම දෙයක් ඇත්ත කතා නෙමෙයි. අපි අතර ප්‍රශ්න ආවා. විවාහයෙන් පසුව එක එක ගැටළු මතු වුනා. ඒ දේවල් එක්ක දෙන්නම කතා කරලා වෙන් වුනා. ඒක තමයි වුණේ.

ආදරේ කරලා විවාහ වුනු දෙන්නෙක් නිසා දික්කසාදය ලැබෙද්දී හිතට දුකක් වේදනාවක්  දැනෙන්න ඇති..?
අපි දෙන්නා කතා කරලා වෙන් වුණේ. කාටවත් අපේ දික්කසාදය නිසා හානියක් වෙන්න විදිහක් නැහැ. මම ඕනෑම දෙයකදී මට කරන්න ඕන දේ මම කරනවා. අපි දෙන්නා විවාහ ජීවිතයේදී හෝ අයින් වුන පසුව දෙන්නගේ වැරදි කිව්වේ නැහැ. නිහඩව හිටියා නිහඩව ප්‍රශ්න විසදගෙන වෙන් වුණා. දෙන්නගේ වැරදි දෙන්නා කියාගෙන ගහමරා ගත්තා නම් තමයි වරදක් වෙන්නේ. හානියක් වෙන්නේ. අපි වෙන් වුනා කියලා මට දුකක් පසුතැවීමක් නැහැ. මොකද මම අතිතයෙවත් අනාගතයේවත් ජිවත් වෙන කෙනෙක් නෙමෙයි. වර්තමානයේ ජිවත් වෙන කෙනෙක්. 

බිරිදගෙන් දික්කසාද වුණාට පස්සේ වෙනත් ආදරයක් විවාහයක් ගැන හර්ෂණ හිතනවද..?
ඔව්. ආදරේ නැතුව කාටවත් ජිවත් වෙන්න බැහැ. හැම මනුස්සයෙක්ම ආදරයත් එක්ක ජිවත් වෙන්නේ. මමත් ආදරේ කරයි තව කෙනෙකුට විවාහ වෙයි. 

ඒ කියන්නේ මේ වෙද්දී ඔබ ආයෙමත් පෙම්වතෙක්..?
මම හැමදෙයක්ම කියන්නේ කරන්නේ අවශ්‍ය වෙලාවට. ඔය ප්‍රශ්නයට උත්තරය අවශ්‍ය වෙලාවට කියන්නම්.

ආයෙමත් නිලියක් එක්කම විවාහ වෙන්නද බලාපොරොත්තුව.?
එයා රංගන ශිල්පිනියක්ද නැද්ද කියන එක මගේ ආදරේට බලපාන්නේ නැහැ. මට ඕන හොද පාට්නර් කෙනෙක්. මොකද ඇත්ත ජිවිතෙයේදී රගපාන්න ගත්තොත් සතුටක් නැහැ. සැනසීමක් ජිවිතයක් නැහැ. ඇත්ත ජිවිතේ රගපාන්න ගියොත් හැමදාම රගපාන්න වෙනවා. මම මේ මහා පොළොවේ පයගහලා ජිවත වෙන කෙනෙක්. මටත් ඕන එහෙම කෙනෙක්. 

හදහන විශ්වාස කරනවද..?
ඒවා ගැන මට ලොකු විශ්වාසයක් නැහැ. 

විවාහයේදී හදහන් බැලුවද ..? ඒ මොහොතේ කිව්වේ නැද්ද පළමු විවාහ ජිවිතේ දික්කසදයකින් කෙළවර වෙන්නේ කියලා..?
හදහන් නම් බැලුවා. නමුත් මට එහෙම මතකයක් නැහැ දික්කසාද වෙනවා කිව්වා කියලා. එහෙම තිබ්බත් මම ගන්න තීරණ මම ගන්නවා.

පුංචි තිරයේදී ආයෙමත් කලින් බිරිද වූ වොල්ගා එක්ක රගපාන්න අවස්ථාවක් ලැබුනොත්..?
මම කවදාවත් පුද්ගලික ජීවිතෙයි රංගන ජීවිතෙයි පටලවාගත්තේ නැහැ. මම රංගනය කියන දේ අමාරුවෙන් හොයා ගත්තේ. ඒකේ වටිනාකම මම දන්නවා. ඒ නිසා එයා එක්ක රගපාන්න ලැබුනොත් මම රගපනවා.

හර්ෂණී වීරරත්න
Image may contain: 1 person, standing, sunglasses and text
Image may contain: 1 person, closeup

Image may contain: 1 person, standing
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top