Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 04
1,821
Views
පසුගිය වසර සියයක් ආපසු ඇවිද ගොස් බැලුවද අපට හමුවන දරුණුතම සාහසිකයා, අපරාධකාරයා; ඔහුය.! මැක්සිකෝවේ සිට ඇමෙරිකාවට ටොන් ගණන් මත් කුඩු පැටවූ ජාවාරම්කාරයා ඔහුය! බොහෝ කුරිරු මනුෂ්‍ය “ඝාතන සංඛ්‍යාවක මහ මොළකාරයා ඔහුය! දෙවාරයක්ම මැක්සිකෝවේ සිර ගෙවල් ‍ෙදාර බිඳ පලා ගිය නීතිභ්‍රෂ්ටයා ඔහුය!

එහෙත් පහුගිය බදාදා උදේ ඔහුගේ සියලු කෙරුම්කාරකම් අවසන්ව ගිය බවක්් අපට අසන්නට ලැබිණි. ජෝකීන් ගුස්මාන් ලෝඒරා ගේ තිස් අවුරුද්දක අපරාධ ජීවිතයට එසේ තිත තැබී ගියේය, එහෙත් ඒ නම ලොවට නුපුරුදු වන්නට පුළුවන. 

ඔව්. ඒ එල්-චැපෝය. දරුණු ගණයේ අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වූ එල්-චැපෝගේ අපරාධ සපිරි ජීවිත කතාවේ අවසන් පරිච්ඡේදය එසේ ලියවුණේ නිව්යෝක් සිටි ෆෙඩරල් අධිකරණය හමුවේය. ඔහුට හිමි වූයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමකි. 

ඔහු විසින් සිදු කරන ලද අපරාධවල බරපතළකම සැලකිල්ලට ගෙන මේ තීන්දුවට පැමිණෙන්නට මාස තුනක පමණ කාලයක් ගත වූ බව පැවැසෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම, මිනීමැරුම්, කළු සල්ලි ආදී වශයෙන් වූ මේ සියලු ආකාරයේ නුහු-ගුණ මෙහිදී ගණන් බලා තිබූ බවක් දැනගන්නට ලැබේ. 

නඩු තීන්දුවෙන් පසු ඒ ශාලාවට යාබද සිර කුටිය වෙත ගෙන යන්නට පෙර සිය බිරිය වෙත පාවෙන හාදුවක් යැවූ ඔහුගේ මුහුණේ ඇඳී තිබුණේ හැඟීම් විරහිත බවකි. බොහෝ අපරාධවලට හවුල්කාරියක් ලෙසද සැලකෙන ඔහුගේ බිරිය වූ එමා කොරනල්ට දුන් යම් රහස් සංඥාවක් විය හැකි බවටද ඇතැමෙක් විමතිය පළ කර තිබිණි. 

මේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට අමතරව තවත් වසර තිහක සිර දඬුවමකට ද, ඇමෙරිකන් ඩොලර් බිලියන 12.6ක් ගෙවීමකටද ඔහු යටත් කරනු ලැබ තිබේ. 

යමක් පවසන්නට ඔහුටද අධිකරණයේදී ඉඩ ලැබුණු අතර පෙර සූදානම් කරගත් ප්‍රකාශයක් ඔහු විසින් කියවන්නට යෙදිණි. ඔහු එහිදී චෝදනා දෙකක් ඉදිරිපත් කළ බව පැවැසෙයි. එකක් ඔහුට අධිකරණය තුළින් සාධාරණ තීන්දුවක් නොලැබුණු බවය. අනෙක නම් 

මෑන් හැටන්හි ෆෙඩරල් සිර කඳවුර තුළ ඔහු මානසික වධ බන්ධනයට ලක් වුණු බවය. 

“ඒක බොහොම බරපතළ මානසික වධයක් වේදනාවක් වුණා මට. මං දවසේ පැය 

විසි හතරම ඒ වේදනාවෙන් පෙළුණා” ඔහු එහිදී පවසා තිබේ. එහෙත් එල්-චැපෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම විඳින්නේ කොහිදැයි විනිසුරු කෝගන් එහිදී යම් ඉඟියක් හෝ නොදෙන්නට පරෙස්සම් විය. 

මෙහිදී වඩා වැඩි අවධානයට ලක්වී ඇත්තේ මේ කුඩු රජාගේ සිනලෝවා ව්‍යාපාරය හෝ සංවිධානයේ ක්‍රියාකාරිත්වය වෙතය. ඉඪදචතධච ඛ්චපබඥත නොඑසේනම් ට්භලථචද- ඹ්ධඥපච ර්ණීපඨචදඪලචබඪධද හෝ ඕතධධඤ ඒතතඪචදජඥ නමින් හැඳින්වෙන මේ සංවිධානය ගොඩනැඟී ඇත්තේ අසූව දශකයේ අග භාගයේදීය. කුඩු ප්‍රවාහනය, මිනීමැරුම්, කළු සල්ලි වංචා වෙනුවෙන්ම පණ ලැබූ මෙය මේ වන විටත් සෑම මහාද්වීපයකම ඔඩුදුවා ඇති පිළිලයක් යැයි සැලකෙයි. මෙක්සිකෝ රාජ්‍යයෙහි මෙහි මූලස්ථානය පිහිටා තිබෙන අතර ආසියාවේ වියට්නාම, චීන හා කාම්බෝජ ආදී රටවලද, ලතින් ඇමෙරිකානු රටවල් දහ තුනකද එක්සත් ජනපද ප්‍රාන්ත 

දහතුනකද ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේද පිලිපීනය හා බටහිර අප්‍රිකාවේද යුරෝපා රටවල් පහකද ආදී වශයෙන් එය ලොව පුරා මුල් බැසගෙන තිබෙන්නකි. එහෙත් එය බොහෝ දුරකට සීමා කරන්න මෙක්සිකානු හා ඇමෙරිකානු ඒකාබද්ධ මෙහෙයුම් සමත්ව තිබෙන බවක්ද පැවසෙයි. 

කිහිප විටක්ම නීතියේ රැහැනට හසු වුවද ඔහු එයින් රිංගා පලා යෑමේ අති දක්‍ෂයකු විය. මෙක්සිකානු රාජ්‍යයේ දූෂිත දේශපාලනඥයන්ගේ අත හිතද නොඅඩුව මේ කුඩු මාෆියාවට ලැබෙන බවද නොරහසකි. 

කිහිප විටක්ම මෙක්සිකානු පොලිසිය විසින් ඔහු අල්ලා ගනු ලැබුණද අල්ලස් මෙන්ම බිය වැද්දීම් තුළින් විලංගු ගලවා ගන්නට ඔහු සමත් විය. ප්‍රාදේශීය මෙක්සිකානු පොලිසිය පමණක් නොව ෆෙඩරල් පොලිසියද රජයේ ඉහළම නිලධාරීන්ද ඔහුගේ බහ අනුව කටයුතු කරන තැනට වැටී තිබිණි. එහෙත් ඇතැම් මාධ්‍ය පවසන්නේ ඇමෙරිකාව දුන් මේ තීන්දුව ගැන ඇතැම් මැක්සිකානුවන් නොසතුට පළ කර ඇති බවකි. 

නිව්යෝක් (ච්ඡ්ඒ (ච්පභඨ ඡ්දටධපජඥථඥදබ ඒඤථඪදඪඵබපචබඪධද) 

ප්‍රධාන නිලධාරී රේමන්ඩ් පී. ඩොනවන් ඒ ගැන දරන්නේ මෙබඳු මතයකි. 

“මේ සාධාරණ තීන්දුව අපට විතරක් නෙවෙයි මෙක්සිකෝවටත් යහපතක්. ඒ වගේම ඔහු අතින් මියගියවුන්ට කෙරෙන සාධාරණයක්. තවත් අතකින් ඔහු අල්ලා දෙන්නකුට හෝ සාර්ථක ඔත්තුවක් දෙන්නකු වෙනුවෙන් ත්‍යාග දෙකක් සූදානම්ව පැවතිණි. එක්සත් ජනපද ඩොලර් මිලියන 3.8ක ත්‍යාගයක් මෙක්සිකෝව නම් කර තිබිණි. ඇමෙරිකාවේ ත්‍යාග මුදල ඩොලර් මිලියන පහක් විය. ඔහු තුන් වරක් අත්අඩංගුවට පත් අතර මින් දෙවතාවක්ම සාර්ථක ලෙස පැන යන්නට සමත් වූ බව පැවසෙයි. 2001 වසරේදී ඔහු සිර ගෙයින් පැන ගොස් තිබුණේ කිලිටි රෙදි ගෙන යන ට්‍රොලියක පතුලේ සැඟවීය!  

කෙසේ හෝ වේවා 2015 ජූලි මාසයේ ඔහුගේ දෙවැනි වර පැන යෑමෙන් පසුව ඇමෙරිකානු එක්සත් ජනපදය හා මැක්සිකෝව ඔහු යළි අල්ලා ගැනීමේ මෙහෙයුම් තීව්‍ර කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්තයේදී ඊළඟ වසරේ එනම් 2016 මුලදීම ඔහුගේ දෑතට විලංගු වැටිණි. 

අන්ත දිළිඳු පවුලක උපත ලද චැපෝ බාල වියේදී සිය කෲර පියා අතින් බොහෝ සේ ශාරීරික වධ හිංසා ලද්දෙකැයි පැවැසෙයි. අන්තිමේදී සිය පියාගේ මරිජුවානා වැවිල්ලට එකතු වන්නට සිදු වූ එල් - චැපෝට තෝරා ගන්නට වෙන මඟක් නොවීය. මේ දුෂ්ට චක්‍රයට වැටුණු එල් චැපෝ අන්තිමේ නතර වූයේ ලොව අංක එකේ කුඩු රජ්ජුරුවන් බවට පත් වෙමිනි. මේ මත්ද්‍රව්‍ය ජාවාරම විවිධ ආකාරයෙන් නවීන තාක්‍ෂණයද යොදාගෙන ඉහළ තලයකට ගෙන එන්නට ඔහු සමත් වූ අයුරු එක් අතකින් විස්මයජනකය. 

එහෙත් එල් - චැපෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඔහුට ලැබුණු තීන්දුව ගැන කනස්සල්ල පළ කරන බවක් පෙනෙයි. ඔහුගේ නීතිඥ මණ්ඩලයේ ප්‍රධානියා වන ජෙෆ්රි ලිච්මන් මේ පිළිබඳව සිය අප්‍රසාදය එළිපිටම දක්වා තිබේ. 

“අපට අවශ්‍ය වුණේ යුක්තියයි. ඒත් නඩුව හමාර වෙද්දී අපට නොලැබී තියෙන්නෙත් එයමයි. මේක නිකම් බොරු සෝබනේට කළ නඩු විභාගයක්. ඔවුන් පළමුවැනි දවසෙම මේ තීන්දුවට ඇවිත් හිටිය කියලයි අපි හිතන්නේ.”  මීට ක්‍ෂණික ප්‍රතිචාර දැක්වූ බෘෘක්ලින්හි නීතිපතිවරයා පැවැසූයේ ඒ චෝදනා සියල්ල එකහෙලා ප්‍රතික්ෂේප කරන බවත් නිසැකවම මෙතැන් සිට එල් - චැපෝගේ ජීවිතයේ ගෙවන හැම මිනිත්තුවක්ම සිර කුටියක ගෙවී යෑම නියත බවය. 

මේ නඩු විභාගය පවත්වන ලද්දේ විශේෂ මාධ්‍ය ආවරණයක් හා දැඩි ආරක්‍ෂාවක් යටතේය. බෝම්බ සොයා ගැනීමේ පුහුණුව ලද පොලිස් සුනඛ ඒකකයක්ද එහි රඳවා සිටි අතර, පොලිස් ස්නයිපර් භටයන්ද රේඩියේෂන් සෙන්සර් අත තබාගත් තවත් සේනාංකයක්ද එහි සිටිනු දැකිය හැකි විය. ජූරිය තම තීන්දුව ලබා දෙන්නට දින දහයක කාලයක් ලබාගත් බවද පැවසෙයි. කෙසේ හෝ වේවා අන්තයේදී කාරණා දහයක් යටතේ ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කෙරිණි. 

මත්කුඩු ටොන් දහස් ගණනක් මෙක්සිකෝවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට ජාවාරම් කිරීම, මිනිස් ජීවිත ගණනාවක් බිල්ලට ගැනීම හා කුප්‍රකට මැර සංවිධාන පවත්වාගෙන යෑම ඔහුට එරෙහිව නැඟුණු චෝදනා අතරින් කිහිපයක් විය. 

බදාදා පැවැති නඩු තීන්දුවේදී එල් - චැපෝ සිරගෙදරදී තමන්ට සිදු වූ අපහසුතා ගැනද දිග ලැයිස්තුවක් පැවැසූ බව කියවෙයි. ඒත් ඒ සියල්ල පිළිකෙව් කරමින් විනිසුරු පාලොවෙකියෝ පැවැසූයේ මේ රුධිරය තැවරුණු මුදල් කන්දරාව උපයන්නට ලොව කොපමණ මිනිස් ජීවිත ප්‍රමාණයක් අගාධයට හෙළන්නට ඇත්තේද යන්නය. 

ඔහුට එරෙහිව සාක්ෂි දෙන්නට 

කිහිපදෙනකුද ඉදිරිපත්ව සිටිනු දකින්නට ලැබිණි. ඇන්ඩ්‍රියා මෙලොස් ඉන් එක් කාන්තාවක් වූවාය. එල් චැපෝගේ කැනේඩියන් මැර කල්ලිය ඩ්ඥතතඵ ඒදඨඥතඵ තමා මරා දමන්නට යොදවා තිබුණු බව ඕ එහිදී සැල කළේ කඳුළු පිරි දෙනෙතිනි. 

“මේක නම් දේව හාස්කමක්. ඕ අන්තයේදී මේ පාපතරයන් අතට සදාකාලිකව විලංගු වැටෙන මොහොතේ කෑ ගසා සිටියාය. 

එහෙත් ලොව පුරා මත බෙදාහරින අනෙකුත් එල් - චැපෝලාද කොටුවන කාලයක් එනතුරු ලොවම ඇඟිලි ගණින බව නියතය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top