Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 02
923
Views
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නව ගමන් බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා. 

ආගමන විගමන පාලක පසන් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය මත එම ගමන් බලපත්‍රය පසුගිය මැයි 7 වනදා නිකුත් කරන ලද බවයි. 

එහිදී සිදුවූයේ ඔහුගේ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය දීර්ඝ කිරීම බව ද ආගමන විගමන පාලකවරයා අවධාරණය කළා. ඔහු කියා සිටියේ ද්විත්ව පුරවැසිභාවය සහිත  ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේදී ඔහුගේ අනෙකුත් පුරවැසිභාවයන් ඊට අදාළ නොවන බවයි. 

ද්විත්ව පුරවැසිභාවය බල පවත්වන්නේ මැතිවරණය සදහා ඉදිරිපත් වීමට පමණක් බවත්, 19 වන සංශෝධනයට පෙර ඒ සදහා ද ප්‍රතිපාදන පැවති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය නිල වශයෙන් ඉවත් කර ගෙන ඇති බවට වන ප්‍රකාශන සහතිකයක් ඊයේ සමාජ මාධ්‍ය වෙත ද නිකුත් කර තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top