Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 02
1,313
Views
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට හම්බන්තොට මහාධිකරණය අද බරපතල වැඩ සහිතව වසර 5 ක සිරදඩුවම් නියම කළා.ඒ හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව ලබාදෙමින්.

මීට අමතරව, එම නඩුවේ පළමු විත්තිකරු වන ප්‍රේමසිරි පරණමාන ද වරදකරුවෙකු කරමින් ඔහුට ද බරපතල වැඩ සහිතව වසර 5 ක සිරදඩුවමක් නියම කරනු ලැබුවා.

මෙම නඩුවේ සෙසු සැකකරුවන් තුන්දෙනා නිදොස්කොට නිදහස් කිරීමටයි හම්බන්තොට මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් නියෝග කළේ.

2014 වසරේ අප්‍රේල් 17 වනදා එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ඔවුන්ට ගල්මුල් වලින් පහරදීම සහ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ආදී චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබුණා.

චෝදනා 29ක් යටතේ පළවන සහ පස්වන විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබූ අතර, එම සියලූ චෝදනාවන්ට වරදකරු වූ හම්බන්තොට නගරාධිපතිවරයා සහ පළමු විත්තිකරුට රුපියල් දෙලක්ෂ 60,000ක දඩ මුදලක් නියම කිරීමටයි විනිසුරුවරයා පියවර ගනු ලැබුවේ. එසේම, පැමිණිලිකරුවන්ට රුපියල් ලක්ෂ 13 ක වන්දි මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුවන්ට නියෝග කෙරුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top