Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 02
310
Views
ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) පැවැත්වෙන අද(02) දිනයේ සුළු පිපිරීම් හයක් සිදුවී ඇති බව තායිලන්ත පොලිසිය පවසයි.
 
පිපිරීම්වලින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, මේවා කුඩා ප්‍රමාණයේ බෝම්බ බව සොයාගෙන ඇත.

තවත් බෝම්බයක් පිපිරී යාමට පෙර සොයාගෙන නිෂ්ක්‍රීය කර තිබේ.
 
බැංකොක් නුවර ආසන්නයේ පිහිටි ස්ථාන දෙකකදී පළමු සහ දෙවන පිපිරුම් අද උදෑසන 9.00ට පමණ සිදුවී ඇති අතර, උතුරු ප්‍රදේශයේ අමත්‍යවරුන් රැස්වන රාජ්‍ය ආයතනයක් ආසන්නයේ තෙවන පිපිරුම වූ බව බලධාරීහු පවසති.
 
නගර පිරිසිදු කරන සේවක කාන්තාවන් තිදෙනෙකු ද පිපිරීම්වලින් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top