Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 02
2,111
Views

2019 වසරේ ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් බිලියනයක ආදායම් වාර්තා තැබූ සිව්වැනි ඩිස්නි සිනමාපටය බවට පත්වීමට “ලයන් කිංග්” සිනමාපටය සමත්විය.

ඔවුන් මෙම ජයග්‍රහණය අත්කරගත්තේ ප්‍රදර්ශනය ආරම්භ කර සති තුනකට අඩු කාලයක දී ය.

ලෝක ප්‍රකට ගායන ශිල්පිනි බියොන්සේ රංගන ශිල්පී ඩොනල්ඩ් ග්ලෝවර් හඬ දායකත්වය ලබාදුන් මෙම සිනමාපටය ඒ අනුව ඩොලර් බිලියනයේ ආදායම් වාර්තාව පසුකළ සෙසු ඩිස්නි චිත්‍රපට වන ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්, කැප්ටන් මාවල් සහ ඇලඩින් අතරට එක්විය.

1994 ලයන් කිංග් හි ප්‍රතිනිර්මාණයක් වන මේ චිත්‍රපටය අත්කරගත් සාර්ථකත්වය උදෙසා එහි සංගීතය විශාල දායකත්වයක් ලබාදුන් බව පැවසිය හැකි ය. ඇමරිකා එක්සත් ජනපද ගීත දර්ශකවල මුල් ස්ථාන අතර පසුවන Can You Feel the Love Tonight, The Circle of Life සහ Hakuna Mata යන ගීත ඊට හොඳ නිදසුනකි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top