Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 02
275
Views
සිය දිවි හානි කරගැනීම සඳහා දුම්රිය මාර්ගයේ නිදා සිටි පුද්ගලයකු චාවාකච්චේරී වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් 25000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත පසුගිය දා මුදාහැර තිබේ.

යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි කේ. සෙන්දිල්නාදන් නමැති වයස අවුරුදු හතළිස් හයක මෙම පුද්ගලයා යාපනයේ කොඩිගාමම් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය වෙත පැමිණ සිය දිවි හානි කරගැනීම සඳහා දුම්රිය මාර්ගයේ නිදා සිටියදී කොඩිගාමම් පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව චාවාකච්චේරී වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසේදී සැකකරු මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එම තීන්දුව නියම කොට සැකකරු ඇප මත නිදහස් කොට තිබේ. කොඩිගාමම් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top