Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 01
1,344
Views
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරි මණ්ඩලය අද උදෑසන අරලියගහ මන්දිරයේ දී  පැවැත්වුණා.
 
එහිදී ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
 
කෙසේ නමුත්, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු බවට යෝජනා කරමින් ඊට ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ කැබිනට් නොවන අමාත්‍ය අජිත්.පී. පෙරේරා මෙම කෘත්‍යධිකාරි මණ්ඩලයට සහභාගී වෙමින් සිය බලාපොරොත්තු කඩවීම ෆේස්බුක් හරහා ප්‍රකාශ කර තිබුණා.

ඔහු ෆේස්බුක්හි සටහන් කර තිබුණේ, "අවාසනාවන්ත දවසක්" ලෙසයි.
 
ඊට ප්‍රතිචාර දක්වමින්, බොහෝ දෙනා අදහස් දක්වා තිබුණේ අජිත්.පී. පෙරේරා ඇමතිවරයා, ෆේස්බුක් සටහනින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සටනේ යම් පරාජයක් සනිහිටුවන් වී ඇති බවයි.


 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top