Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 01
1,026
Views
බංගලාදේශ තරඟාවලිය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය අමතමින් මෙලෙස පැවසුවා."අපි හොඳට සෙල්ලම් කළා. ඒ වගේම සාර්ථකව අපි සීරීස් එක ඉවර කළා. ඒ වගේම මේ වෙනකන් අපිට තිබ්බ අඩු පාඩුව තමයි අපිට හොඳ සෙකන්ඩ් බෙන්ච් එකක හිටපු නැති එක . එත් දැන් එයාලා ඉන්නාවා. අපි හොඳ ෆෝරම් එකක ඉන්නේ. අනික ඊයේ දාපු අලුත් හතරදෙනත් හොඳටම ප්රෝෆොර්ම් කළා."

"අපේ බැට්ස්මන් ලා [පවා තව ඉම්ප්රු වෙන්න ඕනේ මොකද ප්‍රෙෂර් එකක් බිල්ඩ් අප් කරද්දී එකට මුහුණ දෙන්න බැට්ස්මන් ලා 6 දෙනාම සුදානමින් ඉන්න ඕනේ "

මේ අතර මාධ්‍යවේදීන් විමසුවේ එළඹෙන නවසීලන්ත සංචාරයට ලසිත් ඇඹුල්දෙනිය ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳවයි.

"නවසීලන්ත සංචාරයට ඇඹුල්දෙනිය අනිවාර්යෙන්ම එනවා මොකද අපිට හොඳ ලේෆ්ට් ආර්ම් ස්පිනර් කෙනෙක් ඕනේ ."

එමෙන්මා මාධ්‍යවේදීන් මේ වනවිට කණ්ඩායමේ තත්වය පිලිබඳ නායකයාගෙන් විමසුවා.

"අපිට කන්ෆිඩන්ස්  නැතුව හිටියේ මටත් ඕනේ කැප්ටන් කෙනෙක් විදිහට ඒ කන්ෆිඩන්ස්  එක හදන්න.අනික කැච්  එකක අතහරියම බනින්න එපා මොකද කවුරුවත් හිතල කැච්  අතහරින්නේ නැහැ. හැමෝම බලන්නේ එයාලගේ බෙස්ට් දෙන්න"
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top