Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 31
1,020
Views
ගොන් බැඳි කරත්තයක තබා රැගෙන ආ ඉන්දියාවේ චන්ද්‍රයාන් - 2 යානය සඳ තරණය කිරීමේ දෙවැනි උත්සාහය සඳුදා (ජූලි 22) සාර්ථකව නිම කළේය. දෙවෙනි සඳ ගමන යෙදී තිබුණේ මිනිසා සඳ මත පා තබා 50 වසරක් ගෙවී ගිය 20දාටය. නමුත් තාක්ෂණික හුටපටයකින් එය වැළකී ගියේය. ඉන් සතියකට පසු සඳුදා සඳ වෙත යවන ලද චන්ද්‍රයාන් - 2 යානය මෙතෙක් සාර්ථකව ගවේෂණය නොකෙරුණු සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්වීමට නියමිතය.
මෙම මෙහෙයුම මගින් සඳකම්පන (moonquakes) අධ්‍යයනය කරමින් සඳ මතුපිට ඇති ජලය සහ ඛණිජ ගවේෂණය කිරීමට නියමිතය. 2008 වසරේදී මුදාහළ, ඉන්දියාවේ පළමු සඳ තරණ යානය වූ චන්ද්‍රයාන් - 1 සඳ මතට ගොඩ බැස්වීමට නොහැකි විය. එහෙත්, රේඩාර් මගින් සඳ මතුපිට ජලය සෙවීමට අදාළව පළමු සහ වඩාත්ම පැහැදිලි දත්ත ලබාගැනීමට එහිදී හැකියාව ලැබිණි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් වැයකරමින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ගොඩබසින පළමු යානය වනු ඇතැයි ඉන්දියාව විශ්වාස කරයි. මෙම මෙහෙයුම “සම්පූර්ණයෙන්ම දේශීය” ක්‍රියාන්විතයක් බව පවසමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අගය කර තිබිණි.

ඉන්දියාව මෙම මෙහෙයුම සඳහා යොදාගෙන ඇත්තේ, ඔවුන් සතු වඩාත්ම ප්‍රබල රොකට්ටුව වන GSLV Mk-III නමැති රොකට්ටුවය. එය ටොන් 640ක බරින් යුතු වන අතර මීටර් 44ක් උසැති එය මහල් 14කින් යුත් ගොඩනැගිල්ලක් තරම් උසින් යුතුය. එමගින් රැගෙන යන ලද අභ්‍යවකාශ යානය කිලෝග්‍රෑම් 2,379ක බරින් යුක්ත වන අතර එය කැමරාවක්, ගොඩබැස්වීමේ මෙවලමක් සහ චලනය වීමේ මෙවලමකින් සමන්විතය. එහි ඇති කැමරාවේ ආයු කාලය වසරක් වන එමගින් සඳ මතුපිට ඡායාරූප ගැනීම සිදු කරයි.

මෙම ගමනෙහි දුර කිලෝමීටර් 384,000කි. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය අපේක්ෂා කරනුයේ, සැප්තැම්බර් 6 හෝ 7 වැනිදා යානය සඳ මතට ගොඩබසිනු ඇති බවටය. සති 6ක කාලයක් ගන්නා මෙම මෙහෙයුම සඳහා ගතවන කාලය මීට වසර 50කට පෙර පළමුවරට සඳ මත මිනිසෙකු ගොඩබසිනා ලද ඇපලෝ 11 මෙහෙයුම සඳ වෙත ළඟාවීමට ගත කළ කාලයට වඩා වැඩිය. ඉන්ධන භාවිතය අඩු කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම සිදුකරනු ලබන්නේ, පෘථීවියෙහි ගුරුත්වාකර්ෂණයේ වාසියද භාවිත කරමිනි.

මෙම මෙහෙයුම සඳහා ආසන්න වශයෙන් විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් 1000ක් පමණ දායක වූහ. එහෙත්, පළමුවරට මෙම අන්තර් ග්‍රහලෝක ගවේෂණ මෙහෙයුම මෙහෙයවීම කාන්තාවන් වෙත පවරා තිබිණි. මෙම ඉන්දීය සඳ තරණය සඳහා නායකත්වය සැපයූවේ, කාන්තාවන් දෙදෙනෙකි. ඒ වැඩසටහන් අධ්‍යක්ෂිකා මුතායා වනිතා සහ රිතූ කරිධාල් යන දෙදෙනාය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top