Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 31
805
Views

මශ්රු ලයිලා නම් ජනප්‍රිය ලෙබනන් රොක් සංගීත කණ්ඩායම දෙවියන්ට අපහාස කළේ යැයි පල්ලිය විසින් චෝදනා එල්ල කිරීමෙන් පසුව එරට ප්‍රධාන පෙලේ සංගීත උළෙලක ඔවුන් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් අවලංගු කර තිබේ.

 “ලේ වැගිරීමක්” සිදුවීම වැළක්වීම සඳහා ආරක්ෂක හේතු මත, එළඹෙන සතියේ දී මශ්රු ලයිලා විසින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගය අවලංගු කිරීමට සිදු වූ බව “ද බිබ්ලොස් සංගීත උළෙලේ” සංවිධායකයින් නිවේදනය කර ඇත.  

රොක් සංගීත කණ්ඩායමේ ගීත ආගමික වටිනාකම් කෙලසන බව පසුගිය සතියේ දී පල්ලිය විසින් චෝදනා කර තිබුණි.

ප්‍රසංගය පැවැත්වුවහොත් ඊට ප්‍රහාරයක් එල්ල කරන බවට මෙම සංගීත කණ්ඩායම විවේචනය කරන පාර්ශවයන් මින් පෙර තර්ජනය කර ඇත. දෙවියන්ගේ සොල්දාදුවන් ලෙසින් හඳුන්වාගත් පිරිසක් ද ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කළ පිරිස අතර වේ.

භක්තියට සහ සදාචාරයට ගරු කිරීමක් වශයෙන් ප්‍රසංගය අවලංගු කරන ලෙස ලෙබනනයේ බිබ්ලොස් නුවර නීති සම්පාදකයින් උළෙලේ සංවිධායකයන්ගෙන් ඉල්ලා තිබුණි.

මෙම තීන්දුව එරට ප්‍රකාශන නිදහසට එල්ල වූ ප්‍රහාරයක් බව බොහෝ දෙනෙකුගේ මතය වන අතර ඊට විරෝධය පාමින් බේරුට් නුවර දී උද්ඝෝෂණ ද සිදු කර ඇත.

ආගම්වාදය මුල් කරගනිමින් ප්‍රකාශන නිදහසට වැට බැඳීම මෙරට තුළ ද සුලබ වන අතර මෑතකදී එහි ගොදුරක් බවට පත්වූ ලේඛක ශක්තික සත්කුමාර අප්‍රේල් 1 වැනිදා පටන් තවමත් පසුවන්නේ බන්ධනාගාරගතකර ය.    

Image result for Mashrou Leila show canceled


Image result for Mashrou Leila show canceled


Image result for Mashrou Leila show canceled

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top