Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 30
1,118
Views

කටුපොත, දෙබරවැව ප්‍රදේශයේ නිවෙසක තනිව සිටි කාන්තාවකට අතවර කිරීමට පැමිණි පුද්ගලයකුගේ අතේ ඇඟිලි දෙකක් සපා කෑමට යෑමේදී කාන්තාවගේ කටේ දත් දෙකක් ගැලවී කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව කටුපොත පොලිසිය පවසනවා.

පසුගිය 28දා අලුයම 5ට පමණ මෙම සිද්ධිය වී ඇති අතර කාන්තාවගේ සැමියා රැකියාව සඳහා අලුයම නිවෙසින් පිටවී යනු බලා සිටි මේ බීමත් පුද්ගලයා කාන්තාව සිටි නිවෙසට ඇතුළු වී රෙද්දක් ගෙන කාන්තාවගේ මුහුණ වසද්දී ඇය දඟලා තිබෙනවා.

එවිට බීමත් පුද්ගලයාගේ අතේ ඇඟිලි දෙකක් කාන්තාවගේ කට තුළට ගොස් ඇති අතර කාන්තාව ඔහුගේ ඇඟිලි දෙක සපා ඇති බවත් බීමත් පුද්ගලයා ඇඟිලි දෙක කටින් එළියට ගැනීමට තැත් කිරීමේදී කාන්තාවගේ දත් දෙකක් ගැලවී ගොස් ඇය රෝහල් ගත කර ඇතැයි කටුපොත පොලිසිය පවසනවා.

සැකකරු කටුපොත, දෙබරවැව පදිංචි දෙදරු පියකු බවට හඳුනාගෙන තිබෙනවා. ඔහු නිතර බීමත්ව නිවෙසේ බිරියට සහ දරුවන්ට පහර දෙන බවටද පැමිණිලි ලැබී ඇති බවත් මෙයට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව නිදහස්ව පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය පවසනවා. සැකකරු පලා ගොස් සැඟවී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් කටුපොත පොලිසිය පවසනවා.

 

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top