Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 23
523
Views

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයේ සම්පූර්ණ ආරක්ෂිත බවක් තමන්ට හැඟෙන බවත්, ඒ හේතුවෙන් ක්‍රීඩාවට පමණක් සිය අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් බංග්ලාදේශ නායක තමීම් ඉක්බාල් පැවසීය.

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග ආරම්භයට පෙර ඊයේ (22දා) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තමීම් ඉක්බාල් පැවසුවේ තමා ඇතුළු කණ්ඩායමට ලබා දුන් පහසුකම් පිළිබඳ සතුටු වන බවයි.    

"අපිට මෙහෙ ක්‍රීඩා කරන්න ඉතා සුදුසු වාතාවරණයක් තිබෙනවා කියලා දැන් පේනවා. ශ්‍රී ලංකාවේ සිදුවූ අයහපත්කාරී සිදුවීම් සිදුවෙලා කුඩා කාලයකින්ම නැවතත් නැගී සිටින්න ඔවුන්ට හැකි වුණා. ක්‍රීඩාවේදී අපි හැමෝම එක පවුලක්. හැමෝටම අනෙකාගේ උදව් අවශ්‍යයි. අපිට සම්පූර්ණ ආරක්ෂිත බවක් හැඟෙනවා. ඒ නිසා ක්‍රීඩාව ගැන පමණක් දැන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා." යැයි හෙතෙම පැවසීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා හා ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න යන අයද සහභාගි වූහ. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ තරගාවලියකට සහභාගි වීම පිළිබඳව බංග්ලාදේශ කණ්ඩායමට ස්තූතිවන්ත වන බවයි. එක්දින තරග තුනකින් යුත් මෙම තරගාවලියේ කුසලානයද මෙහිදී එළිදැක්විණි.

අද පුවත්පත 

Image may contain: 7 people, people smiling, people standing and indoor


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top