Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 23
679
Views

ත්‍රස්තවාදය මේ වන විට ලෝකයේ විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබෙන දෙයක්.මේ නිසාම ගොඩක් රටවල් තමන්ගේ රටේ ආරක්ෂාව තර කරන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නවා.

මේ විදිහට තම රටේ ආරක්ෂාව තර කරන්න හා ඉදිරියේදී තමන්ගේ රටට එල්ලවිය හැකි ත්‍රස්ත අවධානම් වලක්වා ගන්න ප්‍රංශය හරි අපුරු සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ තමයි එරට විද්‍යා ප්‍රබන්ධ රචකයන්ගෙන් සමන්විත "රතු කණ්ඩායම" ලෙස හඳුන්වන පිරිසක්  ප්‍රංශ හමුදාවට බඳවාගැනීමට  සුදානම් වීම.

මෙහිදී මෙම හමුදාවේ කාර්යයභාරය වෙන්නේ රටේ හමුදාව බලාපොරොත්තු නොවන "අවස්ථාවට අනුකූල බාධක" ගැන සිතා බලා ආරක්ෂක අංශ දැනුවත් කිරීමයි.

සහන් දහනායක

මෙම කණ්ඩායමක ප්‍රබන්ධකයින් 4දෙනෙකු හෝ 5 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හමුදාවක සාම්ප්‍රදායක ක්‍රමෝපායන්ගෙන් ඔබ්බට ගොස් නිර්මාණාත්මක ආකාරයෙන් සිතීම මෙම විද්‍යා ප්‍රබන්ධ රචකයන් ගේ සුවිශේෂී කාර්යය වනවා.

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top