Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 23
1,123
Views
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිණියක්. දේශපාලන ජිවිතේ නිසා ඇතැම් ඇය උපේක්ෂාව ප්‍රතික්ෂේප කළා කියලත් කියනවා. කොහොම නමුත් විවාහයෙන් පසුව දීර්ඝ නිහැඩියාවකින්  උපේක්ෂා ආයෙමත් රංගනයට අවතීර්ණ වෙලා. පුද්ගලික ජිවිතේ වගේම රංගන ජිවිතේ ගැන උපේක්ෂා කියන්නේ මේ වගේ කතාවක්. මේ ඇය ගැනයි.

පේන විදිහට උපේක්ෂා හිටි හැටියේ කාර්යබහුල වෙලා වගේ?
ඔව්. බාබා ලැබිලා අවුරුද්දක් හමාරක් යනකම් මුකුත් කළේ නැහැ. දැන් දුවට අවුරුදු දෙකයි. සේරම වැඩ එක පාර ආවා වගේ.

ආයේ දේශපාලනයට . . .?
බුදු අම්මෝ නැහැ. එනවා තියා හිතන්නෙවත් නැහැ.

බුදු අම්මෝ කියන්න තරම් දේශපාලනය එපා වුණාද?
දේශපාලනයට ඇවිත් මං කර ගත්තේ ලොකු අත්වැරැද්දක්. ආයේ හදාගන්න බැරි වැරැද්දක්. මේ දේශපාලන ක්‍රමයේ වැරැද්දක් තියෙන්නේ. දේශපාලනය උත්තරීතරයි. තවමත් උත්තරීතරයි. ඒක හෑල්ලු කරලා
 
ඔබ දේශපාලනයට එන්නේ ඔබේ රසික පිරිසක් ද නැති කර ගනිමින්. ඒක පිළිගන්නවාද?
ඔව්. මම රසිකයන් නැති කර ගත්තා. මේ දැන් කරන්නේ ඒ අයව මගේ ආදරණීයයන් ආයෙත් මං ගාවට ළං කර ගැනීම. බහුතරයක් අදටත් කියනවා අනේ ඇයි ඔයා දේශපාලනයට ආවේ . . . නිකම් හිටියා නම් කොච්චර හොඳද . . . මං දන්නවා මගේ පෞද්ගලික ජීවිතයටත් කර ගත්තේ ලොකුම හානියක්. කැලලක්. තරාතිරමක් නැතුව මිනිස්සු දොස් කිව්වා. මට ආදරේටනෙ එහෙම එයාලා කියන්නේ. නොකර ඉන්න තිබුණා.

පබාලා වගේ අය ආයේ පාර්ලිමේන්තු යවන්න එපා කියලා තිබුණේ.
හ්ම් . . .

මේ නොකියා කියන්නේ ඔබ උගත් කෙනෙක් නෙවෙයි කියලද?
මං ඒලෙවල්ස් වෙනකම් විතරයි ඉගෙන ගත්තේ.

මෙතනදි කියලා තියෙන්නේ ඒ උගත්කම නෙමෙයි?
හරි . . . අපේ රටේ අය කොයි දේටත් බනිනවා. දැන් ගැන විතරනෙ හිතන්නේ. මේ වෙලාවේ මං හොඳ දෙයක් කළොත් හොඳයි. දිගටම මාව හොඳ වෙනවා. ඒ අතරේ වැරැද්දක් කළොත් අර හොඳ ඔක්කොම ඉවරයි. වැරැද්දක් කළාමත් එහෙමනෙ. වැරැදි වැරැදි දිගටම කරලා එක හොඳක් කරපු ගමන් ඔක්කොම වැරැදි ඉවරයි. ලෝකේ ඉන්න හොඳම මිනිහා එයා. අන්තර්ජාලයෙන් මට බනිනවා. මං ඒ අයට දොසක් කියන්නේ නැහැ. තමන්ගේ අදහස්නෙ දාන්නේ.
 
 
ඔබේ දියණිය කියනවා අම්මේ මට නිළියක් වෙන්න ඕන කියලා?
යවනවා දෙයියනේ. ඒත් . . මං ආව විදිහට එයාට එන්න දෙන්නේ නැහැ. දන්නවනෙ ක්ෂේත්‍රයේ තියෙන අර්බුද, ප්‍රශ්න අතරේ මං මේකට ආවේ. දුවට මුලින්ම හොඳට උගන්වනවා. උගත්කම දෙනවා. ඒ වයසෙදි එයාගේ කැමැත්තට ඉඩ දෙනවා. එයාව උනන්දු කරනවා. පූජා . . . ජැක්ලින් බලන්න . . . අන්න ඒ වගේ නිළියක් වෙනවට මං ආසයි.
 
එතකොට ඔබ . . . උපේක්ෂා ස්වර්ණමාලි?
මං එච්චර තැනකට ආවේ නැහැ. පූජලා, ජැක්ලින්ලා ඉන්න තැනට එන්න මං උත්සාහ කළේ නැහැ. හරි වයසෙදි, නිසි වෙලාවට අවශ්‍ය දේ කළා නම් හරිනෙ. ඒත් මට එහෙම වෙන්න ලැබුණේ නැහැ.

ඔබ මේ වනතෙක් බොහෝ දේ කිව්වා. සමස්ත අදහස ගන්න කොට ඔබ මොකක්දෝ හිත් වේදනාවකින් ඉන්නේ. හරියට කාලය අපතේ හැරියා වගේ?
මගේ තරුණ කාලේ අපතේ ගියා. හිතාගන්නවත් බැරි විදිහට අපතේ ගියා. හරියට යමක් කරන්න ලැබුණු නිර්මාණත් හොඳටම මදි. මං පිටරටක හැදුණ කෙනෙක්. මගේ ඉංග්ලිෂ් දැනුමින් මමවත් තවම ප්‍රයෝජනයක් ගෙන නැහැ. මගේ හැකියාව කාලයක් එක්කම නිස්කාරණේ ඉබාගාතේ ගියා. තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. හොඳ නිර්මාණ එන්න ඕනෑ වැඩ පෙන්වන්න පුළුවන් එතකොට.

තරුණියක් වශයෙන් පාර්ලිමේන්තුවට යන්න ලැබුණා කියලා සතුටක් නැද්ද?
සතුටුවන්න බැහැනෙ. මං පාර්ලිමේන්තු ගියේ ස්ව කැමැත්තට නෙවෙයි. එතෙන්දි මට වෙන කෙනෙකුගේ දෙයකට එකඟ වෙන්න වුණා. දේශපාලනිකව මට වටිනාකමක් එකතු වුණා. මගේ කැමත්තක් නැතුව වුණ වැඩක් නිසා සතුටට වැඩිය දුක කලකිරීමයි තමයි ඉතුරු වුණේ.
 
ජීවිතයේ කී පාරක් එහෙම වැරැදිලා තියෙනවාද?
එක පාරයි. . . නෑ නෑ . . . දෙපාරයි. වැරැදි දෙකයි වුණේ. උපේක්ෂා ස්වර්ණමාලි කියන කෙනාගේ ජීවිතය ඒකෙන් කඩාකප්පල් වුණා. ඉතුරු ටික තමයි මේ ඇදගෙන යන්නේ.

එතකොට ආදරෙන් පැරදුණ වාර ගණන?
කිහිප වතාවක්. ප්‍රශ්න වැඩි වුණාම දෙන්නටම කතාබහ කරලා වෙන් වන්න සිදුවෙනවනෙ. එතකොට අහිමිවීම් වෙනවා.
 
මේ මොහොතේ නියැළිලා ඉන්න කලාව ගැන මොකද හිතෙන්නේ?
සතුටුයි. ගොඩක් සතුටුයි. ලද බොලඳ චරිත අද මං කරන්නේ නැහැ. දැන් ඉතින් දෙනවක හාමිනේ වගේ තමයි. මැරෙනකම්ම රඟපානවා. හැබැයි හොඳ දේවල්. මේ තව දෙයක් තියෙනවා ඔයාට හිනහත් යයි මේක අහපුවම.

මොකක්ද?
අවුරුදු පනහෙ හැටේ අය මට අක්කේ කියලා කතා කරනවානෙ. සමහර විට ගෞරවයට වෙන්න ඇති. නිහඬව ඉඳලා ආයේ මාව දකින්නට ලැබුණායින් පස්සේ තමයි එහෙම කියන්නේ. තාම මට තිස් පහයිනෙ.

 මවක් විදිහට උපේක්ෂා ගොඩක් වෙනස් වෙලා?
සත්තකින්ම වෙනස් වෙලා. ඉස්සර අරමුණක් තිබුණේ නැහැ. අද විතරයි. අද කෑවා බිව්වා. ඊට පස්සේ මුකුත් නැහැ. අද ජීවත් වුණා නම් ඇති. අම්මෝ . . . දැන් එහෙම නැහැ. හෙට අනිද්දා ඊළඟට තව තව ප්ලෑන් කරනවා. කෙටියෙන්ම කිව්වොත් මැරුණට පස්සෙත් වෙන දේවල් පවා ප්ලෑන් කරගෙන ඉන්නේ.
 
මානයෙන් අවසන් කරමු මේ කතාව . . .?
මානය . . . ලොකු කාලෙකට පසුව මං සිනමාවට ආවා. මායා ෆිල්ම් එකේ තමයි අන්තිමයට හිටියේ. මං කලින් කිව්වා වගේ මානය වෙනස්ම අත්දැකීමක්. වසන්ත කුමාරවිල අයියා උපරිමයෙන් දායක වෙලා තියෙනවා සටන්වලදී. අපූර්ව සටන් ටිකකුත් බලාගන්න පුළුවන්. අලුත් අධ්‍යක්ෂවරයකුත් සිනමාවට එනවා අංජු ධනංජය කියලා. චිත්‍රපටය බලලා හොඳ නරක කියන්න. බනින එක විතරක් කරයිද දන්නේ නැහැ.. ෆිල්ම් එකක්නෙ. අපේකම ඉස්මතු වෙන ෆිල්ම් එකක්.

ප්‍රසාද් සමරතුංග
සරසවිය
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top