Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 23
1,102
Views

රූමත් බවත් හැඩැති සිරුරත් කාන්තාවකට ආභරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ටීනා ෂනෙල් නම් වන ඇය ඔබේ නෙතෙහි ඇඳුනේ මේ කරුණු දෙක නිසාමය. ටීනා ගැන කතා කරන සෑම කෙනෙකුම පළමුව වර්ණනා කරන්නේ ඇගේ හැඩති ලස්සන සිරුර ගැනය. සුන්දර රූ සපුවත් හැඩැති සිරුරෙත් රහස දැනගන්න මම ඇය මුණ ගැසුනෙමි.

 

ඔබේ ඇඟට හැමෝම වශී වෙනවා. කොහොම ද මෙච්චර ලස්සනට ඇඟ තියන් ඉන්නේ?

මාව දකින ගොඩක් අය හිතනවා මම පැය 24ම ජිම් එකේ ඉන්න කෙනෙක් කියලා. ඒත් පසුගිය කාලේම මට ව්‍යායාම කරන්න කාලයක් ලැබුණේ නැහැ. ඉදිරියට චිත්‍රපටියකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා දැන් ආයේ ජිම් යන්න පටන් ගත්තා.

 

කෑම පාලනයක් සිදුවෙනවාද?

අම්මෝ ඔව්. මම බත්, පාන්, පිටි වර්ගවලින් සකස් කළ ආහාර ගන්නේ හරිම අඩුවෙන්. සමහර වෙලාවට දින දෙක තුන බත් ආහාරයට නොගෙන ඉන්නවා. සෑම ප්‍රධාන ආහාරවේලක් ගන්න කලින් මම වතුර වීදුරු දෙකක් බොන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට ගොඩක් බඩගිනි එන්නේ නැහැ. පළතුරු ජූස්, එළවළු සලාද වර්ග නිතර ආහාරයට ගන්නවා. ඔරේන්ජ් ජූස්වලට ගොඩක් කැමතියි. ඒවගේම කැරට්වලට යෝගට් එකක් මී පැණි ස්වල්පයක් දාලත් බොන්න පුරුදු වෙලා තියෙනවා. බීට්රූට් ගෙඩියකට ගොටුකොළ දාලා බ්ලෙන්ඞ් කරලා බොන්නත් මම පුරුදු වෙලා ඉන්නවා. මේවා හමට හරිම හිතකරයි. ඒවා සමේ කහ පැහැය වැඩිවෙන්න උපකාරි වෙනවා. ඇෙඟ් උෂ්ණගතිය පාලනය වෙන්න කැඳවර්ග, සව්, බාර්ලි වැනි දේවලූත් නිතර ආහාරයට එක් කර ගන්නවා. තැඹිලි පානයටත් මම ගොඩක් ආසයි. එළවළු පළතුරු කනකොට නිතර ගොඩක් බඩගිනි වෙනවා. ඒ වෙලාවට පළතුරු යුෂ හෝ යෝගට් එකක් ගන්නවා.

 

ඇඟේ හැඩය තියා ගන්නම ද ඔබ ව්‍යායාම කරන්නේ?

නැහැ. ව්‍යායාම කිරීමෙන් නිරෝගීකම ලැබීමයි ප්‍රධානම දේ. ඊට අමතරව ව්‍යායාම කිරීමෙන් සමෙන් දහඩිය පිටවෙලා, සමට නැවුම් බවක් ලැබෙනවා. ඒ වගේමයි ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය පිච්චිලා හරින නිසා ඇගේ අනවශ්‍යය මේද කොටස් තැම්පත් වෙන්නේත් නෑ.

මේ හැමදේම එක්ක ප්‍රබෝධමත් බවකුත් ලැබෙනවා. ඇඟත් හැඩවෙනවා. මේ වාගේ ප්‍රයෝජන ගොඩක් ව්‍යායාම කිරීමෙන් ලැබෙනවා.

 

බාහිරෙන් සම පැහැපත් කර ගන්න ඔබ මොනවද කරන්නේ?

සමට ගැලපෙන ක්ලේන්සර එකක් ෆේස්වොෂ් එකක් පාවිච්චි කරනවා. රඟපෑම් කටයුතුවලදී මේකප් කළත් එම කාර්යය අවසානයේ ඉක්මනින්ම මේකප් ඉවත් කරන එක මගේ පුරුද්දක්. මම හරිම කැමතියි හම ආලේපනවලින් තොරව නිදහසේ තියාගන්න. මාසෙකට දවසක් වගේ ඔයිල් මසාජ් එකක් සැලොන් එකකට ගිහින් කරගන්නවා. ඒක හිසකෙස්වලට වාගේම මනසටත් හරිම හොඳයි. ඒ වාගේම හොඳ සුවදායක නින්දක් ලබාගන්නත් මම අමතක කරන්නෑ.

මම පුරුදු වෙලා ඉන්නවා රාජකාරි අඩු දවසට දවල්ට පැය 2ක කාලයක් නිදාගන්න. ඒක හඳුන්වන්නේ ස්ලීපින් ඩියුටි කියලා. මේක ලෝකයේ ප්‍රසිද්ධ දෙයක්. මෙම නින්දෙන් විඩාබර ගතිය නැති වී සිරුරට ප්‍රබෝධමත් ගතියක් ලැබෙනවා. දින කීපයක් නිදි වැරීම් කරලා මේ වගේ නින්දක් ලැබීමෙන් අලූත් ප්‍රබෝධමත් බවක් ලබන්න පුළුවන්. ඊට අමතරව කඩල පිටි යෝගට් එකක් කලවම් කරලා එයට දෙහි බිංදු කිහිපයක් දාලා මී පැණි දමා ඇෙඟ් ගාන්න කැමතියි.

ඇස්වල විඩාබර ගතියට පිපික්‍ද්ක්‍දා පෙති දෙකක් හෝ භාවිතකල පිරිසිදු තේ කුඩු ඇස්වල තියන්නත් මම පුරුදු වෙලා ඉන්නවා.

 

ලස්සන හැමෝම හදවතින් ලස්සනද?

නැහැ නේද? මම නම් දකින්නේ බාහිරෙන් ලස්සන ගොඩක් අයගේ හදවත ලස්සන නැති බවයි.

 

බොහෝ කාන්තාවන් කැමති නැහැ තමන් ලස්සන වෙන්න කරන දේවල් අනිත් අයට කියනවාට. ඔබත් එහෙමද?

නැහැ. මා ළඟින් ආශ්‍රය කරන අය දන්නවා මා ඔවුන් සමඟ හැමදේම බෙදාගන්නා බව. නමුත් ෆීල්ඞ් ඒකේදී අපි කාගෙන් හරි ඇහැව්වොත් මොනවද ගාන ක්‍රීම් එක අඳින ඇඳුම් ගත්තේ කොහෙන්ද, සපත්තු ගත්තේ කොහෙන්ද කියලා ගොඩක් අය ඒ දේවල් කියන්න කැමති නැහැ.

 

කෙනෙකුගේ පෞරුෂයට ලස්සන වැදගත්ද?

ඔව්. විශේෂයෙන්ම නිරූපන ෙක්‍ෂත්‍රයේ නියුතුවූවෙකු ලෙසට මුහුණේ ලස්සන ඇෙඟ් හැඩය කතාකරන විලාසය හැසිරීම කෙනෙකුගේ පෞරුෂයට හරිම වැදගත්. මා නිරූපණ ශිල්පිනියක් නිසා මේ දේවල් හොඳින් දන්නවා.

 

කෙනෙකුට ලස්සන ලැබෙන්නේ?

කිතුණු භක්තිකයෙකු විදිහට මම විශ්වාස කරනවා එය දෙයියෝ දුන්න තෑග්ගක්. ඒ වගේමයි මගේ අම්මාගෙන් මට මේ ලස්සන ලැබුණා කියලා මම විශ්වාස කරනවා. අංගසම්පූර්ණ ජීවිතයක් ලබන්න ලස්සන වෙන්න සමාජයෙන් ලොකු පිළිගැනීමක් ලබන්න ඇත්තටම මම ගොඩක් පිං කරලා ඇති කියලා මම හිතෙනවා.

 

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. කාන්තාවකට ලස්සන ආභරණයක්. ලස්සන කිව්වාම මුහුණේ ලස්සන පමණක් නොවේ. මම කියන්නේ කාන්තාවකට ලස්සන කොන්ඩයක්, ලස්සන සම, නිය, දත්, මුහුණේ ඉරියව් මේ හැමදේම ලස්සනට තිබීම වැදගත්.

මේකප් එකක් දැම්මාම වුණත් ඒවා ලස්සනට ඉස්මතු වෙන්නේ මුහුණ ලස්සන නම් තමයි. මේ ලෝකේ උපදින හැමෝටම කුමන හෝ ලස්සනක් තියෙනවා. ඒ උපතින් ලැබුණ ලස්සන ඉස්මතු කර ගන්න අපි උත්සහ ගත යුතුයි. උත්සහ කළොත් කැප වුණොත් උපතින් ලැබුණු ලස්සන රැකගෙන ලස්සනට ඉන්න එක කවදාවත් කාටවත් අභියෝගයක් වෙන්නේ නැහැ.

 

විලාසිතා කිරීමේදී ඔබ සැළකිලිමත්ද?

ඔව්. විලාසිතා තෝරා ගැනීමේදී ඇෙඟ් හැඩය ගැනනම් ගොඩක් සැළකිලිමත්. තැනට ගැළපෙන විදිහට අඳින එක පුරුද්දක්. මොකක් ඇන්දත් මට ලස්සනයි.  ඕන පාටකුත් ඇඟට ගැළපෙනවා.

 

ඔබ ලස්සනයි කියා කෙනෙක් ඔබව වර්ණනා කළොත්?

ඇත්තටම හරිම සතුටුයි ඒ අගය කිරීම ගැන. නමුත් කවදාවත් මම හිතන්නෑ මම ලස්සනයි කියලා. නමුත් හැමදාම ලස්සනට ඉන්න  ඕනේ කියලා නම් හිතනවා.

 

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?

ම්.. මේ ලෝකේ දැකපු ලස්සනම කෙනා තමයි මගේ අම්මා. අම්මා හරිම ලස්සන කෙනෙක්.

 

ඡායාරූපය - කවිත් මිලින්ද

අසුන්තා එදිරිසූරිය

Image result for tina shanell

Image may contain: 1 person, smiling, sitting

Image may contain: 1 person

Image may contain: 1 person, indoor

Image may contain: 1 person, sitting

Image may contain: 1 person

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top