Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
198
Views
ගම්පහ - කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදුන් සිද්ධියට අදාළව දිනේෂ් නුවන් අමරංතුග නැමැත්තා අධිකරණයට භාරවී තිබෙනවා. 

ඒ අනුව ඔහු ඇතුලු සැකකරුවන් 8 දෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ගම්පහ - කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථ දෙකකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයකට හා සුඛෝපභොගී ජීප් රථයකට කලගෙඩිහේන ප්‍රදේශයේදී ඉස්සර කිරීමට ඉඩ ලබානොදීමේ සිදුවීමක් මුල් කරගෙන මෙම ගැටුම ඇතිවුණේ පසුගිය 16 වැනිදා යි.

පසුව තොරතුරු අනාවරණය වුණේ, සිදුවීමට අදාළ CAG – 0550 අංකය දරන ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථය අංක 37 ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් බවයි.

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්, නීතිඥවරයෙක් සහ ගණිතඥයෙක් වන ඔහු නීති විද්‍යාල ප්‍රවේශය, පරිපාලන සේවා විභාග, බැංකු විභාග ආදිය සදහා වැඩමුළු පවත්වන පුද්ගලයෙක්ද වනවා.

සිද්ධියට අදාළ CAD – 8850 අංකය දරණ ඩිෆෙන්ඩර් රථයේ වත්මන් හිමිකරු අංක 34, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග නමැත්තෙක් බවද අනාවරණ වුණා.

වෑන් රථයේ හිමිකරු පවසන ආකාරයට දිනේෂ් නුවන් අමරතුංග යන අය සිද්ධිය වන අවස්ථාවේ ප්‍රාඩෝ රථය තුළ සිටියත්, දර්ශනවලින් පෙනෙන්නේ ඔහු ගැටුම නැවැත්වීමට මැදිහත් නොවී ඊට අනුබල ලබා දෙන ආකාරයයි.

අදාළ සිදුවීම හා සම්බන්ද වීඩියෝවක් පහතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top