Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
1,232
Views
ගැහැනිය යනු මානව වර්ගයාට අයත් ස්ත්‍රී ලිංගික ජීවියාය. ගැහැනියක ලෙසින් හඳුන්වන්නේ ලිංගික පරිණතියට පත්වූවන් වන අතර කුඩා අවධියේදී ඇයව හඳුන්වන්නේ ගැහැනු ළමයා ලෙසින්ය. මිනිස් දරුවකුට උපත දීමට හැකියාව ඇත්තේ ගැහැනියට පමණි. දරුවකු හදා වඩා ගැනීමේදී වැඩි මෙහෙයක් ඇය අතින් සිදුවේ. මේ විකිපීඩියා නිදහස් විශ්වකෝෂයට අනුව ගැහැනිය නිර්වචනය කොට ඇති ආකාරයයි. 

නිර්වචනයට අනුව ගැහැනිය, දියණියක්, බිරියක්, මවක් ලෙසින් කරන කාර්යභාරය ගැන යම් විග්‍රහයක් කොට තිබුණද ඉන් පරිබාහිරව ඇය කරන්නා වූ බොහොමයක් දෑ සම්බන්ධයෙන් අදහසක් එහි දක්වා නැත. ගැහැනු ළමයා වැඩුණු ගැහැනියක වීම දක්වා වූ කාලය තුළ ඇය බොහොමයක් භූමිකාවන්හි නිරත වේ. නමුදු සමස්ත වශයෙන් හා අවසාන අර්ථයෙන් ගත් කල ඇය ගැහැනියකි. ඒ ගැහැනිය සතුව ඇත්තේ ගැහැනු හිතකි. ඒ හිත තුළ තමා ජීවත් වන කාලය තුළ කළ යුතුම යැයි සිතා සිටිනා දේවල් සම්බන්ධයෙන් යම් තක්සේරුවක් තිබිය හැකිය. අද ගැහැනු හිතක් සමඟ සම්බන්ධ වන අනුරාධා එදිරිසිංහටත් එවන් වූ ගැහැනු හිතක් ඇත. මේ වෑයම ඇගේ ඒ ගැහැනු හිත කියැවීමටයි.

ඇය තමාට එන අභියෝගවලට නොබියව මුහුණ දිය යුතුයි.

ගැහැනිය කියන්නේ හිතින් විතරක් නොවෙයි ගතින්ද ඉතාමත් ශක්තිමත් කෙනෙක්. පිරිමියා හා සමානවම පවුල ඇතුළේ තමන්ගේ කාර්යයන් කරන කෙනෙක් විදියට මම කාන්තාව දකිනවා.

කාන්තාව සමාජය තුළ ගනුදෙනු කරනකොට පවා තමන්ට එන අභියෝගවලට නොබියව මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි.

ඇය පිරිමියා හා සමානවම මනසින් ශක්තිමත් විය යුතුයි.

තාත්තා අපට තනා දුන්න ලෝකය ඇතුළේ දියණියක්, භාර්යාවක්, මවක්, සහෝදරියක් විදියට පිරිමියා හා සමානව කටයුතු කරන්න ශක්තියක් මට ලැබුණා.

මම දකින විදියට කාන්තාව හා පුරුෂයා යන දෙන්නගේ එකතුවෙන් තමයි ‘පවුල’ ගොඩනැඟිලා තියෙන්නේ. ඇය තරුණියක්, පෙම්වතියක්, මවක් ලෙස පිරිමියාගේ ආදරය, සෙනෙහස, ශක්තිය බලාපොරොත්තු වනවා. එතැනදී ගැහැනිය බලාපොරොත්තු වෙන දේවල් පිරිමියකුට වඩා බොහෝ වෙනස්. ඒ හැරුණු විට මට දෙදෙනාම එක සමාන කාර්යයන් ඉටු කරනවා කියලයි මම හිතන්නේ. ඒ වගේම තරුණියක් වැඩිපුරම තමන්ගේ තාත්තාට ගොඩක් ළැදියි. එය ස්වාභාවිකයි.

ජීවිතය ඉදිරියට ගොඩනඟා ගැනීමට පිරිමියාගේ ශක්තිය අවශ්‍ය නමුත් පිරිමියකු නැතිව වුවත් ඉදිරියට යෑමට ඇයට හැකියාව තිබෙනවා.

ඇය හොඳින් උගෙන 

රැකියාවක් කළ යුතුයි.

කුඩා කාලයේ තාත්තාගේ රැකවරණයත් එක්ක මම හැදුණේ “පිරිමි ළමයෙක්” වගේ. මිශ්‍ර පාසලකට තමයි මම ගියේ. පන්තියේ වුණත් නිතරම පිරිමි ළමයි එක්ක දඟ වැඩ කළා. ක්‍රීඩා කටයුතු වගේ සංගීත වැඩත් කළා. පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ, දැල් පන්දු, බැඩ්මින්ටන් කණ්ඩායමේත් මම හිටියා. දඟ වැඩ නිසා දඬුවම් වින්දෙත් පිරිමි ළමයි එක්ක එකතුවෙලා. ඒ නිසා මම පාසල් යන කාලේ ඉතාම දඟ චරිතයක් කිව්වොත් හරි.

අද තියෙන සමාජ තත්ත්වයත් එක්ක ගැහැනු කෙනකුට රැකියාවක් කිරීම අත්‍යවශ්‍යයි.

තමන්ට අවශ්‍ය දේවල් ගන්න ඇඳුම් පැලඳුම්, කැමැති ආහාරපාන ගන්න වුණත් රැකියාවක් කිරීම උචිතයි.

ඒ වගේම පවුලට තමන්ගෙන් ඉටු වෙන්න ඕනි යුතුකම්, වගකීම් ඉටු කිරීමටත් මම හිතනවා කාන්තාවක් ලෙස රැකියාවක් කිරීම වටිනවා.

අධ්‍යාපනය කියන්නේ ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයටම අත්‍යවශ්‍ය දෙයක්. ඒකට වයස් සීමාවක් නෑ. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා පොලිස් නිලධාරියෙක්. ඒ දෙන්නා මටයි මගේ අයියටයි හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා.

අපේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපේ අම්මා ගුරු වෘත්තියෙන් පවා සමුගන්නවා. ඒ නිසා මටයි අයියටයි හොඳ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, හොඳ ළමා කාලයක් තිබ්බා.

ඇය නිසි වයසේදී ආවාහ, විවාහ විය යුතුයි.

අද පවතින මේ සමාජ වාතාවරණය හමුවේ කාන්තාවක් ලෙස නිසි වයසට ආවම විවාහයක් කරගන්න අවශ්‍යයි. ඒක අනිවාර්ය දෙයක්. මොකද අද කාන්තාවකට තරුණියකට තව කෙනකුගේ ආරක්ෂාව, ආදරය, රැකවරණය අත්‍යවශ්‍යයි.

මට සහකරුවකුගේ අවශ්‍යතාව දැනෙන්නේ මගේ තාත්තාගේ වියෝවත් එක්ක. මගේ පවුල තුළ ඇතැම් අවස්ථාවලදී තාත්තාගේ භූමිකාව පවා මට කිරීමට සිදුවූවා.

මගේ සහෝදරයා විවාහකයි. ඔහුට දරුවෙක් ඉන්නවා. බිරියත් ඉන්නවා. ඒ නිසා ඔහුට බරක් නොවී ඉන්න මම නිතරම උත්සාහ කළා. ඒ නිසා මම දකින්නේ තරුණියකට විවාහය නිසි වයසේදී සිදුවිය යුතුයි.

ඇය නිසි වයසේදී මාතෘත්වය 

ලැබිය යුතුයි.

මවු පදවිය ලොව උතුම්ම පදවියයි. මවගේ වටිනාකම මම දකින්නේ මගේ අම්මා තුළින්. මගේ අම්මා මම සහ මගේ සහෝදරයා වෙනුවෙන් කළ කැපකිරීම් තුළින් මම මවු පදවියේ වටිනාකම දකිනවා.

“මම” කියන පුද්ගලයා අද මෙතැන ඉන්නේ මගේ අම්මා, තාත්තා නිසා. අද මගේ අම්මා තනි නොවී ඉන්නේ, එයාලා එදා දරුවන් හදපු නිසා. එදා තාත්තා අපේ අම්මාව බලාගත්තා වගේ අද මායි, මගේ අයියයි අම්මාව ආදරයෙන් බලා ගන්නවා. වගකීම්, යුතුකම් ඉටු කරනවා.

ඉතින් මම දකින විදියට නිසි වයසේදී කාන්තාවක් දරුවන් සෑදීම තුළින් අනාගතයේදී ඇයට අවශ්‍ය රැකවරණය ලැබීමට එය හේතුවක් වේවි. ඇය සමාජය තුළ තනි නොවේවි.

ඇය තම පවුලට ආදරය කළ යුතුයි.

පවුල තුළ මවක්, බිරියක් ලෙස දරුවන්ට වගේම ස්වාමිපුරුෂයාට ඉටු විය යුතු යුතුකම්, වගකීම් රාශියක් කාන්තාව සතු වෙනවා.

මගේ අම්මා තුළින් මවගේ භූමිකාව මම නිතරම දකිනවා. තාත්තා නැති අඩුව අපට නොපෙන්වා ඇය අපිව ශක්තිමත් කිරීමට නිතරම වෙහෙසුණු තැනැත්තියක්.

අම්මා හා තාත්තා අතර පැවතුණු සබ½දතාව වගේම එහි ශක්තිමත්භාවය මම දැක්කා. අපේ පවුල ඇතුළේ කිසිම දවසක රණ්ඩු සරුවල් වීමක් මම දැක්කේ නෑ. අම්මාගේ ඇස්වලට කඳුළු දීමට තරම් දෙයක්වත් අපේ ගෙදර ඇතුළේ ඇති වීමට තාත්තා ඉඩ නුදුන් නිසා අපි ඉතා සතුටින් පවුලක් ලෙස එකට ජීවත් වුණා.

ඇය තමාගේ අභිමතය අනුව ස්වයං වාරණයක් පනවා ගත යුතුයි.

මම ජීවිතයේ කවදාවත්ම සීමාවලට කොටු වුණේ නෑ. මගේ අම්මායි තාත්තායි මට නීති දාලා මාව කොටු කළේ නැහැ. ඉගෙන ගන්න කාලේදී වුණත් මම ආස දේ කරන්න එයාලා මට ඉඩ දුන්නා. ගැහැනියකට සමාජය තුළ සීමාවන් නිර්මාණය වන්නේ තමාටම අනුවයි. එනම් තමන්ට දැනෙන දේ පමණක් කිරීම තුළින් ඇයගේ සීමාව ඇයම තීරණය කරනවා.

රංගන ජීවිතයේදී මට දැනෙන නිර්මාණවලට පමණක් දායක වීම තුළ මගේ වෘත්තිය තුළ සීමාවන් මා විසින්ම නිර්මාණය කර ගන්නට මා උත්සාහ කරනවා. සමාජය තුළදී තමන්ගේ කැමැත්ත, අකැමැත්ත තුළ තමන්ගේ සීමාව නිර්මාණය කර ගැනීමට කාන්තාවකට අයිතියක් ඇතැයි මම සිතනවා.

ඇය ඉවසීම, දරාගැනීම තුළින් පන්නරය ලැබිය යුතුයි.

ඉවසීම, දරා ගැනීම යන්න කාන්තාවකට උපතින්ම ලැබෙන දෙයක්. එය ඉතාම අපහසු අත්දැකීමක් වගේම එය අයකුගෙන් අයකුට වෙනස් වෙනවා. කාලයක් පුරාවට විඳවීම හා දරා ගැනීම තුළින් බිහිවන අත්දැකීම වෙනස්ම රසයක් ජීවිතයට එකතු කරනවා.

මගේ පියාගේ වියෝව මුල් කාලයේදී මට දරා ගැනීමට ඉතාම අමාරු වුණා. නමුත් කාලයත් සමඟ ඒ තුළින් ශක්තිමත්ව සමාජයට මුහුණදීමට මම ඉගෙන ගත්තා. පියාගේ භූමිකාව නිවෙස තුළ කිරීමට පවා මාව ශක්තිමත් කළේ “පියාගේ වියෝවයි“.

ඇය තම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යුතුකම් ඉටුකළ යුතුයි.

පියා අහිමි දියණියක් විදියට මම මගේ පවුලේ සතුට ගැන නිතරම සොයා බලනවා. පවුලේ සතුට වෙනුවෙන් මගේ කාලය මුදල් මම කැප කරනවා. අම්මාට ඇයගේ ස්වාමියාගේ අඩුව නොදැනෙන්නටත්, මගේ අයියට, දරුවට, එයාගේ බිරියට මගෙන් විය යුතු යුතුකම් මම නිතරම ඉටු කරනවා. එය මගේ එකම සතුට බවට පත්ව තිබෙනවා.

පවුලේ අය සමඟ මගේ දුක, සතුට බෙදා ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා අවශ්‍යතා ඉටුකිරීමට මම ප්‍රිය කරනවා. ඒ නිසා මගේ පවුලේ සතුට තමයි මගේ එකම සතුට කියලා කියන්න පුළුවන්.

ඇය තම ජීවිතය සරලව ගෙවා දැමිය යුතුයි.

තරුණියක් විදියට මම අනාගත සැලසුම් එක්ක ජීවත් වුණෙත් නැහැ. ඉලක්ක, අරමුණු මගේ ජීවිතයේ ලොකුවට තිබුණේ නැහැ. මම ඉතා සරලව ජීවිතය ගතකරන කෙනෙක්. ජීවිතයට ප්‍රශ්න එන විට ඒ ඒ අවස්ථාවට අනුව ඒවාට මුහුණදීම මගේ පුරුද්දක්.

මගේ පියාගේ වියෝව හමුවේ තාත්තා නැති අනාගතයට මම හුරු වුණා. එදා මට තාත්තා නැති ජීවිතයක් ගැන හිතා ගන්න පවා අමාරු වුණා. අද මම රංගන ශිල්පිනියක් ලෙස ජීවිතයේ ඉදිරියට පැමිණ තිබීම මට සතුටක්.

ඇය මුදලට වඩා තම පවුලට මුල් තැන දිය යුතුයි.

මුදල් කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. මම ජීවත් වීමට අවශ්‍ය තරම් මුදල් උපයන කෙනෙක්. මුදල් සොයනවාට වඩා මම මගේ කාලය අම්මා, අයියා මගේ පවුල වෙනුවෙන් යොමු කිරීමට කැමැතියි. කාන්තාවක් ලෙස මුදල් ඉතිරිකිරීම ඉතා හොඳ පුරුද්දක්. 

නමුත් මට මගේ අම්මා සමඟ ගත කරන කාලය, ඇය මා ළඟ සිටීම හා ඇයගේ වගකීම මා දැරීම තුළින් සතුට රදා පවතින්නේ මුදල් මතම නොවන බව අත්දැකීමෙන් මම ඉගෙන ගෙන තිබෙනවා.

ඇය තම පිරිසුදුකම ගැන සිතිය යුතුයි.

කාන්තාවක් උපතින්ම යම් සුන්දරත්වයක් රැගෙන එනවා. මම කාන්තාවක් ලෙස ලස්සන ලෙස දකින්නේ “පිරිසුදුකමයි“. හිසේ සිට දෙපතුල දක්වාම පිරිසුදුකම පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය දෙයක්. 

රංගන ශිල්පිනියක් ලෙස මම නිතරම අවශ්‍යතාවට පමණක් ර්චඬඥ භන භාවිත කරනවා. විශේෂයෙන්ම ර්චඬඥ භන නිවැරැදි ලෙසම ඉවත් කිරීමට මම නිතරම උත්සාහ කරනවා. ඒ නිසා මම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පමණක් තෝරා ගැනීමට ප්‍රවේශම් වෙනවා. අවශ්‍යතාව අනුව පමණක් ඉචතධධද යනවා. මම ක්‍රීම් වර්ග නම් ආලේප කරන්නේ නැති තරම්.



දිනූෂා මනෝරි නිශ්ශංක 
Image may contain: 1 person, sitting, shoes and outdoor
Image may contain: 1 person, smiling, stripes
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top