Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
143
Views
චමින්ද සිල්වා
 
දිවයිනේ පළාත් නවයේ දිස්ත්‍රික්ක විසිතුනකට (23) බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (21දා) වනවිට මරණ 08 ක් සිදුවී පවුල් එක්ලක්ෂ හැටතුන් දහස් නවසිය පනස් දෙකකට (163952) අයත් පුද්ගලයන් පන්ලක්ෂ අසූතුන් දහස් තිස්පස් දෙනකු (583035) පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
 මරණ අට හලාවත 1 ක්, නුවරඑළිය 2 ක්, අම්බෙගමුව 01 ක්, කුණ්ඩසාල 2 ක්, සූරියවැව 2 ක්, ලෙස වාර්තා වී ඇත. අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් සහ ජල පහරට ගසාගෙන යෑම් හේතුවෙන් මෙම මරණ සිදුවී ඇත. මෙම ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් 09 දෙනකු තුවාල තිබෙන අතර පුද්ගලයන් 04 දෙනකු අතුරුදන් වී ඇත. නිවාස 22 කට පූර්ණ හානිද, නිවාස 1527 කට අර්ධ හානිද සිදුවී ඇත. පවුල් 73 අයත් පුද්ගලයන් 73 දෙනකු ආරක්ෂිත ස්ථාන 07ක රැඳවීමටද පියවර ගෙන ඇත. 
 
 මන්නාරම පවුල් 18074 කට අයත් පුද්ගලයන් 63115 ක් ද, මුලතිව් පවුල් 57591 කට අයත් පුද්ගලයන් 193576 ක් ද, අම්පාර පවුල් 11586 කට අයත් පුද්ගලයන් 69957 ක් ද, මාතලේ පවුල් 15132 කට අයත් පුද්ගලයන් 53161ක් ද, මහනුවර පවුල් 21058 කට අයත් පුද්ගලයන් 75452 ක් ද වැඩි වශයෙන් විපතට පත්්්්ව ඇත.
 
 දිවයිනට බලපා තිබූ තද සුළං තත්ත්වයේ තරමක අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
 සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත් වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
 
 මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 40-50 ක් පමණ වන අතර මෙම මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර් 70-80 දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි යැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.
  
දිවයින 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top