Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
759
Views
බඩල්කුඹුර - රවිඳු ගුණතිලක 
 
උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට ප්‍රංශ ජාතික යුවළක් හා ඔවුන්ගේ දොළොස් හැවිරිදි දරුවා පැමිණි සෆාරි ජීප් රථයට දඩයම්කරුවන් පිරිසක් විසින් පෙරේදා (20දා) වෙඩි තැබීමේ සිද්ධියක් පිළිබඳව හම්බේගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 
 උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට ඉකුත් 20 දා තම දරුවා සමඟ පැමිණි ප්‍රංශ ජාතික යුවළ මව්ආර ගල්අමුණ රක්ෂිතයේ විවේක ගනිමින් සිටියදී දඩයම්කරුවන් තිදෙනකු දඩයමේ යන අයුරු දැක ඡායාරූප ගතකැර තිබේ.
 
 පසුව සංචාරක යුවළ උද්‍යානයෙන් පිටව යද්දී එහි පැමිණ ඇති දඩයම්කරුවන් ඔවුන්ට හිරිහැර කිරීමට උත්සාහ කර ඇත. වනෝද්‍යානයේ සිටින සෆාරි ජීප් රථ රියැදුරන් ඊට විරෝධය පළ කළ අවස්ථාවේ දඩයම්කරුවන් ඔවුන් ළඟ තිබූ බෙහෙත් කොටන තුවක්කුවෙන් සෆාරි ජීප් රථයට වෙඩිතබා තිබේ. එම වෙඩි පහරින් සෆාරි ජීප් රථයට අලාභ හානි සිදුවී තිබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top