Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
952
Views
බංග්ලාදේශ කණ්ඩායම සමග තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පුහුණු තරගයෙන්ද හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ. 
 
 ජාතික කණ්ඩායමේ සහ සභාපතිගේ කණ්ඩායමේ ස්ථාන අහිමි වු දිනේෂ් චන්දිමාල් කැනඩාවේ පැවැත්වෙන ලෝක විස්සයි විස්ස තරගාවලි නියෝජනය කිරීමට නියමිත අතර ඔහු එහිදී මොන්ටිරියල් ටයිගර් කණ්ඩායමේ කඩුලූ රකින්නා වශයෙන් ක්‍රීඩා කරනු ඇත. 
 
 අදාළ තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා සහ ඉසුරු උදාන ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද බංග්ලාදේශ තරගාවලිය හේතුවෙන් ඔවුන්ට එම තරගාවලිය අහිමිව තිබේ. එම තරගාවලිය ලබන 25 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා පැවැත්වේ. 
 
 චන්දිමාල්ට දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ නැගී එන කණ්ඩායමේ ස්ථාන අහිමි වන අතර සභාපතිගේ කණ්ඩායමේත් ස්ථානය අහිමිවීම විමතිය දනවන කරුණකි. අසාර්ථක වූ ක්‍රීඩකයන්ට නැවත ජාතික කණ්ඩායමට පැමිණීමට සභාපතිගේ කණ්ඩායම හරහා හැකි වුවද චන්දිමාල්ට එම කණ්ඩායමේත් ස්ථානය අහිමිවීම තේරීම් කමිටුවේ කුමන න්‍යායක ප්‍රතිඵලයක්ද යන්න ක්‍ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ. 
 
 29 හැවිරිදි දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරග 53 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක 17ක් සමග මුළු ලකුණු 3768 ක් ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය‍ 41. 86 කි. ඔහු එක්දින තරග 146 කදී ශතක 4 ක් සහ අර්ධ 22 ක් සමග මුළු ලකුණු 3599 ක් ලබා ඇති අතර ඉනිමක සාමාන්‍ය 32. 42 ක් වශයෙන් සටහන් වේ. කෙසේ වෙතත් චන්දිමාල් අවසන් එක්දින තරග පහේදී පිළිවෙලින් 34, 33, 80, 10, 03 වශයෙන් ලකුණු ලබා තිබුණද ඔහුට දිගින් දිගටම තේරීම් කමිටුවෙන් කුඩාම්මාගේ සැලකිල්ලට ලක්ව තිබේ. 
 
 බංග්ලාදේශය සමග පැවැත්වෙන පුහුණු තරගයේදී ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබේ. බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (21 දා) ශ්‍රී ලංකාවට පැමිණි අතර පුහුණු තරගය ලබන 23 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මෙම මස 26, 28 සහ 31 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 
 
 ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම
 
 නිරෝෂන් දික්වැල්ල (නායක), ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ෂෙහාන් ජයසුරිය, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක, ළහිරු මධුෂංක, වනිදු හසරංග, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අකිල ධනංජය, අමිල අපොන්සු, රුමේෂ් මෙන්ඩිස්
  
දිවයින 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top