Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
691
Views
බත්තරමුල්ල - තලවතුගොඩ ප්‍රදේශයේ ඥාතීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිව්දරු පියෙකු තුවාල ලබා තිබෙනවා. 

මෙම ගැටුම ප්‍රදේශවාසියෙකු විසින් ජංගම දුරකථනයකින් රූගත කර  තිබුණා. 

බත්තරමුල්ල - තලවතුගොඩ එකමුතු මාවත ප්‍රදේශයේදී මෙම ගැටුම හටගෙන ඇත්තේ ඉකුත් 19 වැනිදායි. 

අදාළ ප්‍රදේශයේ ගලාබසින වතුර කාණුවක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර බහින්බස්වීමක් ඇතිවී තිබෙනවා. 

කෙසේ වෙතත්, පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර, එම ගැටුම ප්‍රදේශවාසියෙකු විසින් ජංගම දුරකථනයකින් රූගත කර තිබුණා. 

මෙම සිද්ධියෙන් පැතුම් සුරංග නම් පුද්ගලයෙකු පහරකෑමට ලක්ව ඇති අතර, ඔහු මේවන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. 

ඔහු සිව්දරු පියෙක්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top