Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
539
Views

දස හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදුකොට පොලිසියෙන් සැඟවී සිටි පුද්ගලයකු 19 දින අළුයම කිසියම් පිරිසක් දැරිය දූෂණය කල ස්ථානයටම අරගෙන ගොස් පහර දී ඝාතනය කොට ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශ දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ දරුවන් පස්දෙනෙකුගෙන් යුත් ඉතා අසරණව සිටින පවුලක දස හැවිරිදි දැරියක් මෙම පුද්ගලයා විසින් රවටා ගෙන පසුගිය දිනෙක ඔහුගේම වම්බටු හේනකදී මෙම අපරාධය සිදු කොට තිබෙන බව දෙමව්පියන් විසින් මීට දින කීපයකට ඉහතදී ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කොට තිබුනා.

මෙම පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගැනීමට යනවිට ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බව පොලිසිය කියයි .19 දින සිට ගමේ තරුණයන් පිරිසක් මෙම පුද්ගලයා සෙවීමේ කටයුතු දියත් කොට තිබී ඇතැයි පොලිසිය පවසනවා.

පසුව 19 දින අලුයම් කාලයේ නිවසක පිටුපස මෙම පුද්ගලයා රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සහ අපරාධය සිදු වූ දැරියගේ පියා ඔහු අල්ලා ගැනීමට ගිය බව පසුව එම ස්ථානයේ දී ඇතිවූ ගැටුමකින් මෙම පුද්ගලයා මිය යන්නට ඇතැයි දැරියගේ මව කියා සිටියා.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ දස හැවිරිදි මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක්කොට ඔහුගේම තවත් මිතුරෙකුට මෙම දැරිය ලිංගික අපයෝජනයට ලබාදී තිබෙන බවයත් ඒ අනුව එම පුද්ගලයාද ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිට 20 දින නීතිවේදියකු ගේ මාර්ගයෙන් ගල්කිරියාගම පොලිසියට බාරවූ බව පොලීසිය පවසනවා.

මියගිය ඩී. එම්. දසනායක ගේ පච්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල අධිකරණ වයිධ්‍ය නිලධාරිනි ලක්මාලි එම් .ගමගේ මහත්මිය විසින් පවත්වා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට හානි සිදුවීමෙන් සිදුවූ මරණයක් බව පොලිසියට දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් අපරාධයට ලක්වූ දැරියගේ පියා තමන් විසින් මෙම පහරදීම සිදුකල බව පවසා ගල්කිරියාගම පොලිසියට භාර වූ බව ගල්කිරියාගම පොලිසිය කියයි. පොලිසියට භාරවූ පියා සහ අනෙක් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් 

නිලන්ත විමලරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනලෙස නියෝග කළා.

මෙම අපරාධය සිදු වූ දැරියගේ මව පොල් ගස් නැග ඉතා අසීරුතා මධ්‍යයේ දරුවන් පස් දෙනෙකු ජීවත් කරවීම සිදුකර තිබෙන අතර පසුගියදා අප ඒ පිළිබඳව ජනමාධ්‍ය මගින් ද අප හෙළිදරව් කළෙමු. ජනමාධ්‍ය ප්‍රචාරයත් සමග බොහෝ දෙනෙකු මෙම පවුලට උදවු උපකාර කරමින් සිටියදී මෙම අපරාධය සිදුවී ඇතැයි පොලිසිය පවසනවා. 

අපරාධය සිදු වී දින කිහිපයක් ගත වන තුරුත් අපරාදේ සිදුකළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිසිය උත්සාහ කළ ද දෙ දෙනාම ප්‍රදේශයේ නොසිටි බව පොලිසිය කියයි. 

මෙම දැරියගේ පියා යුද හමුදාවේ සිට ඉවත්වූ අයෙකු වන අතර ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ එම මව කුලී වැඩ කරමින් පොල් ගස් නැග පොල් කඩමින් මෙම දරුවන් පස් දෙනකු ජීවත් කරවූ බව ප්‍රදේශවාසීහු කියති.

කේ .කේ .ආරියදාස

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top