Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 21
2,367
Views
කවුරු මට නරක දේවල් කළත් මම වෛර කරන්නේ නෑ..
මට නම් මේ වෙනකල් එහෙම යෝජනා ඇවිත් නැහැ...
ප්‍රශ්නවලින් මිදිලා මානසික සුවයෙන් ඉන්නවා දැන්...
 
උදාරි කෞෂල්‍යා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. නිර්මාණවලින් වැඩිපුර දකින්න නොලැබුණා වුණත් දැන් දැන් ඇය අලුත් නිර්මාණවලින් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් ඉන්නවා. ඉතින් ඇගේ නිර්මාණ ගැන වගේම පුද්ගලික ජිවිතේ තොරතුරු බොහෝමයක් ඇය සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි.

උදාරි ටික කාලයක් රංගනයෙන් ඈත්වෙලා හිටියනේ. හැබැයි නිර්මාණකරුවෝ උදාරිව අතහැරලා දාලා නෑ නේද?
ඇත්තටම ඒ ගැන සතුටුයි. මම මට ලැබෙන නිර්මාණවලට උපරිම සාධාරණයක් කරනවා. ඒ නිසාම නිර්මාණකරුවෝ මගේ දක්ෂතාවට අවස්ථාව ලබාදෙනවා. වැඩ රාශියක් මට ලැබෙනවා. ඒ අතරින් තෝරලා බේරලා නිර්මාණවලට සම්බන්ධ වෙනවා.
 
උදාරි බොහෝදෙනාට මතක රංගනයේ තිබ්බ මුල් අඩිය නිසා වෙන්නත් ඇති?
මගේ පළමු නිර්මාණයෙන් ප්‍රේක්ෂකයෝ මාව ආදරයෙන් වැලඳගත්තා. මම ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. මම උසස් අධ්‍යාපන කටයුතුවලට ඇමෙරිකාවට ගිහින් ලංකාවට ඇවිත් අවුරුද්දකට විතර පස්සේ තමයි ආයෙත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ. ලංකාවට ආපු කාලේ ඉඳලම රංගන කටයුතුවලට ආරාධනා ලැබුණා. ඒත් පෞද්ගලික හේතු කාරණාවක් නිසා මම ඒවට සම්බන්ධ වුණේ නෑ. මම රංගනයෙන් කළ දේ බොහෝ දෙනාගේ හිතේ තියෙන්න ඇති. ඒකයි නිර්මාණවලට මට තාමත් ආරාධනා ලැබෙන්නේ.
 
රංගනයේ මොන වගේ කාරණාවන් සම්බන්ධවද උදාරිට සීමාවන් තියෙන්නේ?
ඕනම කෙනෙක්ට සීමාවක් තියෙනවනේ. මටත් ඒ වගේ සීමාවන් තියෙනවා. සමහරු කියන්න පුළුවන් රංගන ශිල්පිනියක් වුණාම හැමදේම කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඒත් මම සීමාවන් ඇතුළේ වැඩ කරන්නේ. මට නංගියෙකුයි, මල්ලියෙකුයි ඉන්නවා. මම එයාලා දෙන්නට හොඳ ආදර්ශයක් වෙන්න ඕන. මට පෙම්වතියම වෙන්න ඕනේ කියලා නැහැ. මගේ පැත්තෙන් මම දාගත්ත සීමාවන් එක්ක විවිධ චරිත රඟපාන්න මම කැමැතියි.
 
උදාරිගෙයි නිලමෙගෙයි ඡායාරූප පෙළක් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරනවා. ඒ ඡායාරූප පිටුපස්සේ අපූරු කතාවක් තියෙනවා නේද?
ඔය කියන්නේ ‘නිලමේ’ ඇතත් එක්ක ගත්ත ඡායාරූප පෙළනේ. අම්මෝ ඒ කතාව නම් හරිම විශේෂයි. ඒක ෆොටෝ ෂූට් එකක් නෙමෙයි. ඒ ඡායාරූප මියුසික් වීඩියෝවක රූගත කිරීම් අතර ගත්ත ඡායාරූප ටිකක්. දවස් දෙකක් රූගත කිරීම් තිබුණා. ඒ රූගත කිරීම්වලදී නිලමේ ඇතා එක්ක සමීපයෙන් රඟපාන්න මට තිබ්බා. ඒ ඇතාට අවුරුදු 45ක් 50ක් විතර ඇති. එතැනට ගියාම තමයි මම දැනගත්තේ ඒ ඇතා ඇත්ගොව්වෝ පස්දෙනෙක්ව මරලා තියෙනවා කියලා. ඒත් ඒ ඇතා මාත් එක්ක පුදුම විධියට යාළු වුණා. රූගත කිරීම්වලට පස්සේ එයාව දාලා එන්නත් දුකයි. බොහෝ අය ඒ ඡායාරූප දැකලා මගෙන් ඇහුවේ ඒ එඩිට් එකක්ද කියලා. හැමෝම ඒ ඡායාරූප ගැන කතා කළා. ඒ ඇතා මට හරිම හීලෑ වුණා. එයාව බලාගන්න ඇත්ගොව්වෝ දෙන්නෙක් හිටියා. මම එයාව අතහැරලා එද්දි ඇත්ගොව්වෝ එක්කත් එයා කේන්තියෙන් හිටියේ. ඒක නම් පුදුම අත්දැකීමක්.
 
උදාරිව තාම සිනමාවේ දකින්න ලැබුණේ නෑ. ඉදිරියෙදිවත් ඔබව සිනමාවේ දකින්න ලැබෙයිද?
අගෝස්තු මාසයෙදි චිත්‍රපටයක රූගත කිරීම් පටන්ගන්නවා.
 
උදාරි නර්තනයටත් දක්ෂයිනෙ. ඒ හැකියාවට දැන් මොකද වෙලා තියෙන්නේ?
මගේ මුල්ම අඩිතාලම නර්තනය. ඉදිරියේදී වැඩ කිහිපයකින් මගේ නර්තන හැකියාවන් දකින්න ලැබෙයි.
 
උදාරි රංගන ක්ෂේත්‍රය තෝරාගැනීම ගැන සතුටු වෙනවද?
ඔව්. රංගන ක්ෂේත්‍රයේ මම ආපු ගමන ගැන මට තෘප්තියක් තියෙනවා. මගේ පවුලේ අය නෑදෑයෝ හැමෝම මං ගැන සතුටු වෙනවා. රංගනයට මම ආදරය කරනවා. පුළුවන් තරම් කාලයක් රංගන ක්ෂේත්‍රයේ රැඳෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
 
රංගන ක්ෂේත්‍රයට එන සමහර තරුණියන් විවිධ පුද්ගලයන්ගේ ගොදුරක් බවට පත්වෙනවලු. ඒක ඇත්තද උදාරි?
මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. පාසල් යන කාලේ ඉඳන් තමයි මම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. මට නම් මේ වෙනකල් අයුතු යෝජනා ඇවිත් නැහැ. මම හිතනවා මට කවුරුත් එහෙම යෝජනා ගේන එකකුත් නැහැ. දැන් ක්ෂේත්‍රයට එන සහ ක්ෂේත්‍රයට එන්න ඉන්න සමහර තරුණියන් නිර්මාණ ලබාගන්න, ජනප්‍රිය වෙන්න වැරැදි පියවර ගන්නවා. ඉගෙනගෙන තමන්ගේ දක්ෂතාවයෙන් හරි ගමනක් යනවා නම් එයට දීර්ඝායුෂ තියෙනවා. නැත්නම් වැරැදි ක්‍රමවලින් එන අය සහ ක්ෂේත්‍රයේ ඉන්න අය සබන් බෝල වගේ පිම්බිලා අන්තිමේ පුපුරලා යනවා.
 
උදාරිට එවැනි දේවලට මුහුණ දෙන්න සිදු නොවුණේ කොහොමද?
තමන් දැනගන්න ඕන හරියට ඉන්න. අපි තෝරලා බේරලා මිනිස්සු ආශ්‍රය කරලා හරියට වැඩේ කරලා ආවා නම් ප්‍රශ්නයක් නෑ. මම ආපු ගමන එක්ක මට නම් ඒ වගේ ප්‍රශ්නවලට මුහුණදෙන්න සිදුවෙලා නැහැ. ඒ ගැන සතුටුයි.
 
උදාරි තෝරා බේරාගෙනද ක්ෂේත්‍රයේ අයව ආශ්‍රය කරන්නේ?
මම හැමෝම එක්ක හොඳින් ඉන්නවා. මට ක්ෂේත්‍රයේ තරහකාරයෝ නැහැ. ඕන කෙනෙක් එක්ක මට රඟපාන්න පුළුවන්. හැමෝම මට ආදරෙයි. විශේෂයෙන් තෝරා බේරාගත්ත අය නැහැ.
 
උදාරිගේ ජීවිතේ වෙනසක් දැන්ම සිදුවෙන එකක් නැද්ද?
පවුලේ අය නම් මගේ ජීවිතේ ඒ වෙනස අපේක්ෂා කරනවා. නමුත් තාම මම ඒකට සූදානම් නැහැ. මේ ඉන්න විදිහ හරිම සැහැල්ලුයි. හිත මාරම නිදහස්. ප්‍රශ්නවලින් මිදිලා මානසික සුවයෙන් ඉන්නවා දැන්.
 
ගැහැනියකට තනිවම ජීවත් වෙන්න පුළුවන්ද?
පුළුවන්. මේ වගේ දෙයකට මුහුණදුන්න පළමු සහ අවසන් කෙනා මම නෙමෙයි. ගැහැනියක් වුණාම පිරිමියකුටත් වඩා ඇය හිතින් ශක්තිමත්. ඇයට කරන්න බැරි දෙයක් නැහැ. මමත් ඒ ශක්තිය ඇතුව ජීවත් වෙනවා.
 
ආදර යෝජනා නම් අඩුවක් නැතිව ඇති?
මට ආදර යෝජනා විවාහ යෝජනා එනවා. නමුත් ඒවා ගැන හිතන්නේ නැහැ.
 
මොනවද ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු?
ලොකු ලොකු බලාපොරොත්තු නෑ. මේ යන ගමන කාටවත් කරදරයක් නොවී ඉදිරියට යන්න ඕන. කවුරු මට නරක දේවල් කළත් මම වෛර කරන්නේ නෑ. පාඩුවේ මගේ ගමන යනවා. කාටවත් වළ කපන්නේ නැතිව පාඩුවේ ජීවත් වෙන එක තමයි හොඳම දේ. ඉදිරියේදී ව්‍යාපාර කටයුත්තකුත් පටන් ගන්න සැලසුම් කරමින් ඉන්නවා.
 
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම

Image result for udari kaushalya


Related image


Image result for udari kaushalya


Image result for udari kaushalya

Image result for udari kaushalya


Image result for udari kaushalya


Image result for udari kaushalya
Image result for udari kaushalya
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top