Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 21
356
Views
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට තුන් මසක් සපිරෙනවා. 

ප්‍රහාරයෙන් හානියට පත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව යළි ආසිරි ගන්වා විවෘත කිරීම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු අටට සිදුකිරීමට නියමිතයි. 

එහිදී අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජා යාගයක් පැවැත්වෙන අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කරමින් දානමය පුණ්‍ය කර්මයක්ද සූදානම් කර තිබෙනවා.

මේ අතර, කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්, තුවාල ලැබූවන් සහ ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් අද විශේෂ දේව මෙහෙයන් ඇතුළු ආගමික වතාවක් සංවිධාන කර ඇති බව සඳහන්.  

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන වීම සැමරෙන පාස්කු ඉරුදින, දේවස්ථාන තුනකට සහ කොළඹ තරු පන්තියේ හෝටල් 3 ක් ඇතුළු ස්ථාන 8 කට ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මියගිය අතර 500 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top