ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත අවභාවිතා කල බවට Google ආයතනයට චෝදනා එල්ල වී තිබෙනවා. මේ අනුව වයස අවුරුදු 13 අඩු දරුවන් සහ ඔවුන්ට අදාල online දත්ත ආරක්ෂා කල යුතුය යන නිතිය Google විසින් කඩ කර ඇති බව FTC ආයතනය තීරණය කර තිබෙනවා.
මීට දින කීපයකට පෙර දත්ත අවභාවිතය සම්බන්දයෙන් ෆේස්බුක් ආයතනයටද ඩොලර් බිලියන 5ක දඩයක් ගෙවීමට සිදු වූ අතර 'ටික් ටොක්' හෙවත් Musical.ly විසින් අවුරුදු 13ට අඩු දරුවන්ගේ නම්, දුරකතන අංක, ඡායාරූප ආදිය රැස් කිරීමේ චෝදනාව මත ඩොලර් මිලියන 5.7ක දඩ මුදලක් ගෙවා තිබුණා.