ඉරානය සහ ඇමරිකාව අතර මේ දින වල ඇති වී තිබෙන නොසන්සුන් තත්වයත් සමග කලාපීය රටවල ආරක්ෂාව තර කිරීම සඳහාත්, හදිසි අවස්තා වලට මුහුණදීමේ අරමුණිනුත් ඇමරිකාව තම හමුදා කණ්ඩායම් සෞදි අරාබිය වෙත එවීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණයට තම එකඟත්වය පළ කරන බව සෞදි අරාබියේ Salman රජු පවසා ඇතැයි එරට නිළ පුවත් සේවා තහවුරු කරනවා.
පසුගිය සිකුරාදා දින බ්‍රිතාන්‍ය තෙල් නැවක් තමන් භාරයට ගත් බව නිවේදනය කල ඉරානය ඇමරිකානු නාවික හමුදාව විසින් ඉරාන ඩ්‍රෝන් යානයක් විනාශ කලේය යන ට්‍රම්ප්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කලා.
ඇමරිකානු නිළ ප්‍රකාශකයෙක් සඳහන් කරන ආකාරයට හමුදා භටයන් 500ක් සෞදි අරාබියට යැවීමට නියමිත වන අතර පසුගිය මාසයේ පෙන්ටගනය මැද පෙරදිගට හමුදා භටයන් 1000 යැවීමට නියමිත බව නිවේදනය කර තිබුණද නිශ්චිත රටක් දක්වා තිබුණේ නැහැ.