කාටුන් වල සහ පොත් පත් වල කියවෙන හිමාලයේ කඳුකරයේ සැඟවී සිටී අත්භූත යෝධ සතෙකු ලෙස හැඳින්වෙන “යෙටී” ගෙන ඔබ මේ වනවිටත් තොරතුරු දන්නවා ඇති.
යෙටීගේ අඩි සළකුණු වලට සමාන අඩි සළකුණු කිහිපයක් නේපාලයේ Makalu Base Camp වෙත ආසන්න ප්රදේශයකදී හමු වී ඇති බව ඉන්දීය හමුදාවන්ට අයත් නිළ ට්විටර් ගිණුමක් ඔස්සේ වාර්තා කර තිබෙනවා.
අඩි තුනක් පමණ දිග මෙම පා සළකුණු වල ඡායාරූප කිහිපයක්ද එහි පළකර ඇති ආකාරය දැක ගන්නට ලැබුණා.
එහි සඳහන් වන්නේ කඳුකර ගවේශණ කණ්ඩායමක් විසින් යෙටීගේ අඩි සළකුණු සොයා ගත් බවයි.
වඳුරෙකුගේ ස්වරූපක් ගන්නා මෙම යෙටී නම් මෙම සත්වයා සිඇසින් දැකපු කෙනෙකු තවමත් නැහැ. එවැනි තත්ත්වයකදී ඉන්දීය හමුදාව විසින් යෙටීගේ අඩි සළකුණු සොයා ගත් ලෙස නිළ ටිවිටර් පණිවිඩයක් නිකුත් කිරීම ගැන බොහෝ දෙනා පුදුමට පත් වී තිබෙනවා.