Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 20
623
Views
දස හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු එම දැරියගේ පියා සහ ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගල්කිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද අලූයම මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිරියාගම - හබරත්තාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි දෙදරු පියෙක්.

පොල් ගස් නැග දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දරුවන් 5 දෙනෙකු ජීවත් කරවන ගල්කිරියාගම - දිරිය කාන්තාවක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මීට පෙර අනාවරණ කළා. 

ඇයගේ එක් දියණියක් සැකකරු සහ තවත් අයෙකු අපයෝජනය කර තිබුණා.

අනතුරුව ප්‍රදේශයෙන් පලාගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු නිවසක් පිටුපස සැගවී සිටින බවට ප්‍රදේශවාසීන්ට තොරතුරු ලැබී තිබුණා.  

පසුව අදාළ දැරියගේ පියා සහ තරුණයින් පිරිසක් එම ස්ථානයට ගොස් ඔහු අල්ලාගෙන අතවර කළ ස්ථානයට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇති වූ පහරදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top