Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 20
779
Views
ඇමෙරිකාවේ ඉලිනොයිඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි චීන ජාතික ශිෂ්‍යාවක පැහැරගෙන ගොස්‌ මරා දැමූ ඇමෙරිකානුවකුට ඉලිනොයිඩ් අධිකරණය මඟින් ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් ලබාදී තිබේ.
 
 මෙසේ ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් හිමි වී ඇත්තේ බ්‍රෙන්ඩ් කිස්‌ටෙන්සන් නමැති තිස්‌ හැවිරිදි ආචාර්ය උපාධි අපේක්‍ෂකයකුටය.
 
 ඔහුට මරණ දඬුවම ලබාදෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුව ද ඒ සම්බන්ධයෙන් ජූරියේ බෙදීමක්‌ ඇතිවිය.
 
 චීන ජාතික ශිෂ්‍යාවක වූ 26 හැවිරිදි ෂියාන් ශැන් ඉලිනොයිඩ් සරසවියට පැමිණ මාස දෙකකින් 2017 ජුනි මාසයේදී අතුරුදන් වූ අතර පසුව මොහු විසින් ඇය පැහැරගත් බව හෙළිවිය. පොලිස්‌ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් තම මෝටර් රථයට ඇය නංවාගෙන මොහු විසින් දූෂණය කර මරාදමා සිරුර සඟවා තැබූ බව ඔහු විසින් තම පැරණි පෙම්වතියට පවසා තිබිණි.
 
 කෙසේ වෙතත් ඇගේ සිරුරු කොටස්‌ මේ දක්‌වා සොයාගැනීමට නොහැකි වී තිබේ.
 
 ඇය පැහැරගත් දිනයේම ඊට පෙර තවත් තරුණ කාන්තාවක ඒ ආකාරයටම පැහැරගන්නට මොහු උත්සාහ ගත්ත ද ඇය මොහුගේ වාහනයට නැඟීම ප්‍රතික්‌ෂේප කිරීම නිසා ඇයගේ දිවි ගැලවී තිබේ.
 
 ෂියැන් ශැන් දූෂණය කිරීමෙන් පසු බේස්‌බෝල් පිත්තකින් පහරදී මරාදමා ඇති බව හෙළි වී තිබේ.
 
 නඩු විභාගය සඳහා මියගිය ශිෂ්‍යාවගේ දෙමාපියන් සහ පෙම්වතා චීනයේ සිට පැමිණ තිබිණි.
 
 ඇමෙරිකාවේ චීන තානාපති කාර්යාලය තම නිලධාරීන් මෙම නඩු විභාගයේ කටයුතු නිරීක්‍ෂණයට යොදවා තිබිණි.
 
 එසේම චීන රජය හා ජනතාව මෙම නඩු විභාගය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය.

Zhang Yingying, a visiting student who went missing in June 2017. Photo: University of Illinois Police Department via TNS

Image result for Brendt Christensen, charged with be

Image result for Brendt Christensen, charged with be

Image result for Brendt Christensen, charged with be
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top