Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
583
Views

වසරේ විශිෂ්ඨතම නවසීලන්ත ජාතිකයාගේ සම්මානය සඳහා මෙවර ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට ලබාගැනීමට මහඟු දායකත්වයක් සැපයු නවසීලන්ත ජන්මලාභියෙකු වන බෙන් ස්ටෝක්ස්ගේ නමත් නිර්දේශිත නම් අතරට යෝජනා කර තිබෙනවා. 

ලෝක කුසලාන අවසන් මහා තරඟයේ වීරයා වෙමින් එංගලන්තයට කුසලනය දිනාගැනීමට ප්‍රධාන දායකත්වය සැපයූ ස්ටොක්ස් නවසීලන්තයේ ජන්මලාභියෙකු වන අතර ඔහු එංගලන්තයට පැමිණි ඇත්තේ වයස අවුරුදු 12දී රග්බි පුහුණුකරුවෙකු වන සිය පියා සමඟයි. 

වසරේ විශිෂ්ඨතම නවසීලන්ත ජාතිකයාගේ සම්මානය සඳහා ඔහුගේ නම නිර්දේශ කිරීමට හේතුව ලෙස එම විනිසුරු මණ්ඩලයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ ඔහු එංගලන්තයට ක්‍රීඩා කළත් ඔහු නවසීලන්ත ජාතිකයෙකු බවයි. 

එමෙන්ම ස්ටෝක්ස්ගේ මව සහ පියා තවමත් නවසීලන්තයේ වාසය කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම සම්මානය සඳහා නවසීලන්ත ක්‍රිකට් නායක කෙන් විලියම්සන්ද නිර්දේශ කර තිබෙනවා. 

ගිය වසරේදී මෙම සම්මානය දිනාගැනීමට හිටපු නවසීලන්ත රග්බි නායක රිචී මැකාව් ඇතුළු තිදෙනෙකු සමත්වුණා.


2016 පරාජය සහ 2019 ජය

Ben Stokes

Ben Stokes


Ben Stokes' parents




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top