Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
1,087
Views

*දත්ත හුවමාරුව හඳුනා ගැනීම සඳහා පර්යේෂකයෝ කාමුක දර්ශන වෙබ් අඩවි 22,484 ක් ස්කෑන් කළහ.
*93%ක් සාමාන්‍යයෙන් තෙවන පාර්ශවීය සමාගම් 07කට තම පරිශීලකයින් පිළිබඳ දත්ත යවයි.
*ගූගල් විසින් අසභ්‍ය වෙබ් අඩවි වලින් 74%ක් සහ ෆේස්බුක් මගින් 10%ක් නිරීක්ෂණය කරයි.
*දත්ත කාන්දුවීම් වලින් ආරක්ෂා වීමට උපකාරී වන වැඩිහිටි අඩවි ඇත්තේ 17%ක් පමණක් වේ.

මයික්‍රොසොෆ්ට් සහ පෙන්සිල්වේනියා සහ කානගී මෙලන් යන විශ්වවිද්‍යාල වල එක්සත් ජනපද පර්යේෂකයන් වැඩිහිටි තේමාවන් සහිත අසභ්‍ය වෙබ් අඩවි 22,484 ක් ස්කෑන් කර වෙබ් අඩවි භාවිතා කරන්නන් ගේ දත්ත යවන්නේ කොහාට දැයි සොයා බැලීය.

ඔවුන්ගේ විශ්ලේෂණයෙන් හෙළි වූයේ මෙම කාමුක දර්ශන වෙබ් අඩවි වලින් 93% ක්ම තෙවන පාර්ශවීය සමාගම් සතු ඩොමේන් 07කට දත්ත යවන බවයි.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ ඔවුන් ස්කෑන් කළ වැඩිහිටි අඩවි වලින් 17%ක් පමණක් කිසියම් ආකාරයක දත්ත ආරක්ෂා කර ඇති බවයි.

ඉතිරි වෙබ් අඩවි වල භාවිතා කරන්නන්ගේ දත්ත තවත් පාර්ශවයකට කාන්දු වීමට ඉඩඇති බව ඔවුන් සොයා ගෙන ඇත.

මයික්‍රොසොෆ්ට් සන්නිවේදන පර්යේෂක එලේනා මාරිස් සහ ඇගේ සගයන් කාමුක දර්ශන වෙබ් අඩවි 22,484ක් ස්කෑන් කිරීමට සහ තෙවන පාර්ශවයන්ගෙන් ලැබෙන ඕනෑම දත්ත ඉල්ලීමක මූලාශ්‍රය හඳුනා ගැනීමට ‘වෙබ්එක්ස්රේ’ නමින් විවෘත මෘදුකාංග මෙවලමක් භාවිතා කළහ.

වැඩිහිටි අඩවි වලින් 93%ක් සාමාන්‍යයෙන් වෙනත් වෙබ් ඩොමේන් හතකට දත්ත යවන බව පර්යේෂකයෝ සොයා ගත්හ.

මෙම මාරුවීම් වලින් 04න් 03කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ බාහිර සමාගම් විසින් නිර්මාණය කරන ලද ට්‍රැකින්ග් කුකීස් භාවිතා කරමිනි.

ගූගල් සහ එහි අනුබද්ධ සමාගම් අසභ්‍ය වෙබ් අඩවි වලින් 74%ක් නිරීක්ෂණය කරන බව අනාවරණය වූ අතර මෘදුකාංග සංවර්ධකයෙකු වන ඔරකල් වෙබ් අඩවි වලින් 24%ක් ලුහුබැඳ ඇත.

ෆේස්බුක් පවා එහි විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල නිරුවත සහ කාමුක දර්ශන අන්තර්ගතය තහනම් කර ඇත. ආචාර්ය මාරිස් සහ ඇගේ සගයන් විසින් ස්කෑන් කරන ලද ලිංගික වෙබ් අඩවි 10 න් 10ක්ම ලුහුබැඳීම් ඇත.

අසභ්‍ය වෙබ් අඩවියකට පැමිණෙන සාමාන්‍ය පුද්ගලයෙකුට ප්‍රධාන තාක්‍ෂණ සමාගමක් ඔවුන්ගේ පැමිණීම නිරීක්ෂණය කරන්නේ දැයි කීමට පහසු ක්‍රමයක් නොමැත . වැඩිහිටි අඩවි වලින් රහස්‍යතා ප්‍රතිපත්ති හෙවත් තම පරිශීලකයන් ගේ තොරතුරු ආරක්ෂා කරන වෙබ් අඩවි ඇත්තේ 17%ක් පමණි.

පර්යේෂකයන් සඳහන් කළේ ඒවා සම්පූර්ණයෙන් වටහා ගැනීම සඳහා අවම වශයෙන් අවුරුදු දෙකක විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපනයක් අවශ්‍ය වන බවයි. කෙසේ වුවද ෆේස්බුක් සහ ගූගල් වැනි තාක්ෂණික සමාගම් මෙම තොරතුරු සමඟ කුමක් කරන්නේ ද යන්න පැහැදිලි නැත. නමුත් ඔබ යම් වෙබ් අඩවියකට පිවිසෙන විට ඔබේ පරිගණකයට බාගත කරන කුඩා පෙළ ලිපිගොනු හෝ කුකීස් හෝ සත්කාරක වෙබ් අඩවිය තුළ ගොඩනගා ඇති කුඩා පික්සල් ප්‍රමාණයේ රූප නැවත නැවත පැමිණෙන අමුත්තන් හඳුනා ගැනීමට භාවිතා කරයි.

වෙළඳ දැන්වීම් ප්‍රොෆයිල් සංවර්ධනය කිරීමට උදව් කිරීම සඳහා කාමුක දර්ශන වෙබ් අඩවි ට්‍රැක් කර ලබා ගත් දත්ත භාවිතා කිරීම ගූගල් සහ ෆේස්බුක් යන දෙකම ප්‍රතික්ෂේප කරයි.

“වැඩිහිටි අන්තර්ගතයන් සහිත වෙබ් අඩවි වල අපි ගූගල් දැන්වීම් වලට ඉඩ නොදෙන අතර පරිශීලකයාගේ ලිංගික අවශ්‍යතා හෝ අන්තර්ජාලය හා සම්බන්ධ ක්‍රියාකාරකම් මත පදනම්ව පුද්ගලීකරණය කළ වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරණ අපි තහනම් කරමු” යනුවෙන් ගූගල් ප්‍රකාශකයෙක් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට පැවසීය.

ෆේස්බුක් සමාගම ද ඒ හා සමාන ප්‍රකාශයක් ලබා දෙමින්, වැඩිහිටි තේමාවන් සහිත වෙබ් අඩවි වලට තම සර්චින්ග් එන්ජින් භාවිත කරමින් ව්‍යාපාරික අරමුණු ඉටු කරගැනීමට සමාගම ඉඩ නොදෙන බව සඳහන් කළේය.

පර්යේෂකයන්ට අනුව, වැඩිහිටි වෙබ් අඩවි වලින් 45% ක් ඔන්ලයින් ලිපින ඇති අතර ඒවා වෙබ් අඩවි අන්තර්ගතය හෙළිදරව් කිරීම හෝ දැඩි ලෙස යෝජනා කිරීම, පරිශීලකයින්ගේ ලිංගික අනන්‍යතා හෝ දිශානතිය සහ / හෝ උනන්දුව / අවධානය යොමු කරන මාතෘකාව (කරුණු) ආදිය හෙළි කිරීමට උපකාරී වේ. උදාහරණ ලෙස, පර්යේෂකයන් ‘http://boyfuckmomtube.com’ සහ ‘http://hdgayfuck.com’ වැනි මාතෘකා ඇති වෙබ් අඩවි සටහන් කරයි.

“කාමුක වෙබ් අඩවි නැරඹීමේදී ඔවුන් ඇතුළු වන ලිංගික වෙබ් අඩවිය පිළිබඳව ඇතුලු වන පුද්ගලයන්ට පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය,” වෛද්‍ය මාරිස් තර්ක කළේය. එමන් ම ලෝකයේ බලවත් සමාගම් සමහරක් මේ ඇතුළු වන පුද්ගලයන්ගේ දත්ත අනිසි ලෙස යොදා ගන්නා බවද ඔහු පවසයි.

“මෙම අසභ්‍ය වෙබ් අඩවි ඔවුන් සතුව ඇති දත්ත සහ සෞඛ්‍ය තොරතුරු වැනි සංවේදී තොරතුරු පිළිබදව වැඩි දුර සිතා බැලිය යුතුය” යනුවෙන් වෛද්‍ය මාරිස් පැවසීය. මෙම දත්ත ආරක්ෂා කිරීම එහි නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වේ.

එසේ නම් තව දුරටත් ගූගල් හෝ ෆේස්බුක් හරහා අසභ්‍ය වෙබ් අඩවි පරිශීලනය ඔබගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වීමේ අවදානමක ඔබ දමා ඇති බව වටහා ගත යුතු ය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top