ගල්ෆ් කලාපයේ ඇමරිකානු යුද නැවකට ආසන්නයෙන් ගමන් කල ඉරාන ඩ්‍රෝන යානයක් තම හමුදා විසින් බිම හෙලූ බව ඇමරිකානු ජනාදිපති ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. නමුත් මේ සම්බන්දයෙන් පිළිතුරු දුන් ඉරානය කියා සිටින්නේ තමන්ගේ කිසිඳු ඩ්‍රෝන් යානයකට එවැනි අනතුරක් සිදු වී නොමැති බවයි.
ධවල මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුර මේ ගැන අදහස් දැක්වූ ට්‍රම්ප් කියා සිටියේ USS Boxer යුද නැවට මීටර් 900 පමණ ලං වූ මෙම නියමුවන් රහිත යානයට යුද නැව ආසන්නයට නොපැමිණෙන ලෙස කීප වතාවක් දැනුම් දුන්නද එය ඊට ප්‍රතිචාර නොදැක්වූ බවය.
මෙය ජාත්‍යන්තර මුහුදේ නාවික කටයුතු වලට ඉරානය විසින් අකුල් හෙලූ අවස්තා ගණනාවකින් වඩා මෑත දී සිදු වූ එක් සිදුවීමක් පමණක් බවත් තම පුද්ගලික අවශ්‍යතා සහ කැමැත්ත ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට ඇමරිකාවට නිදහස ඇති බවත් ට්‍රම්ප් වැඩි දුරටත් ප්‍රකාශ කලා.