Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
517
Views
අන්තර්ජාතික ක්‍රිකට් තරග වලදී පන්දුව හිසේ වැදීම නිසා ආබාධයට ලක්වෙන (Concussion) ක්‍රීඩකයින් සඳහා නව සහනයක් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) තීරණය කොට ඇත. ඒ එම ක්‍රීඩකයා ඉවත් කොට වෙනත් අතිරේක ක්‍රීඩකයෙකු කණ්ඩායමට ඇතුලත් කිරීමේ අවස්ථාව ලබාදීමයි. මෙම නව ක්‍රීඩකයාට පිතිකරණ හා පන්දු යැවීම යන අංශ දෙකෙන්ම කණ්ඩායමට සිය සේවාව ලබා දීමේ හැකියාව පවතියි.අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙය මීට පෙර ඔස්ට්‍රේලියානු හා එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා හදුන්වා දී තිබූ අතර එය වසර දෙකක කාළයක් සිදු කරන ලද අත්දැකීම් වලින් අනතුරුව අන්තර්ජාතික තරග සඳහාද මෙය අනුමත කිරීමට ඔවුන් පියවර ගෙන ඇත්තෙ ඊයේ (18) පැවති අයි.සී.සී. කමිටු රැස්වීමේදීය. මේ අනුව එළඹෙන අගෝස්තු පළමුවැනිදා සිට ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යන අංශ ත්‍රිත්වයටම මෙම නව නීතිය ක්‍රියාත්මක වේ.

මෙහිදී යම් ක්‍රීඩකයෙකු ආබාධයට ලක්වී ඇත්දැයි අදාළ කණ්ඩායමේ වෛද්‍ය කමිටුව විසින් තීරණය කිරීමෙන් අනතුරුව තරග තීරකවරයාගේ අවසරය ඇතිව මෙම ක්‍රීඩක ආදේශනය සිදුකළ හැකිය.

මෙහි මූලික අදහස මතුවි ඇත්තේ 2014 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවති ප්‍රාන්ත තරගයක් අතරතුර පන්දුව හිසේවැදීමක් නිසා ඇතිවූ ආබාධයකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස් ජීවිතක්ෂයට සමගිනි. ඒ හේතුවෙන් මීට පෙර ක්‍රීඩකයින්ගේ හිස් ආවරණය හා ගෙල අතරට නව ආවරණයක් යෙදීමටද අයි.සී.සී.ය කටයුතු කලේය. 

අද
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top