Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
418
Views
මාස 6ට අඩු ළදරුවන් සදහා වෙළෙඳපොළේ අලෙවි කෙරෙන ළදරු ආහාරවලින් වැඩි ප්‍රමාණයක් ළදරුවන්ට නුසුදුසු බවත්, එවැනි ආහාරවල අඩංගු සීනි මට්ටම ළදරුවන්ට නුසුදුසු මට්ටමක ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම අධ්‍යනයකින් හෙළි වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ ස්ථාන 4ක වෙළෙඳසැල් 516කින් ළදරුවන් සහ කුඩා ළමුන් සදහා අලෙවි කරන ආහාර හා බීම නිෂ්පාදන 7,955ක් පිළිබඳ දත්ත ඇසුරින් ඉහත අධ්‍යයනය සිදු කර තිබේ.ස්වභාවික සීනි අඩංගු පලතුරු සහ එළවළු ආහාර ළදරුවන්ට සහ කුඩා දරුවන්ට සුදුසු වුවද වාණිජ නිෂ්පාදනවල අඩංගු සීනි ප්‍රමාණය ළමුන්ට හිතකර නොවන බව එම අධ්‍යයනයෙන් හෙළිවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දීර්ඝකාලීන නිර්දේශය වන්නේ පළමු මාස 6 තුළ ළදරුවන්ට මවුකිරි පමණක් දිය යුතු බව හා මාස 6ට අඩු ළදරුවන් සදහා වාණිජමය අනුපූරක ආහාර ප්‍රචාරය නොකළ යුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මාස 6-36 අතර ළමුන් සදහා පෝෂණ ආකෘතියද සකස් කර තිබේ. ළදරු අවධියේ සහ මුල් ළමාවියේ මනා පෝෂණය ප්‍රශස්ත ළමා වර්ධනය හා සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන අතර අධික බර, තරබාරුකම සහ ආහාර ආශ්‍රිත බෝ නොවන රෝග වැළැක්වීම සඳහා එය වැදගත් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපීය අධ්‍ය ආචාර්ය සුසුසානා ජකාබ පවසයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top