Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
499
Views
ප්‍රවීන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සහ දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වූ ඇලන් ඩොනල්ඩ්, අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ හෝල් ඔෆ් ෆේම් හෙවත් සදාතනික ක්‍රිකට් ශූරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා. 

ටෙස්ට් සහ එක්දින තරඟවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් තෙන්ඩුල්කාර් ජාත්‍යන්තර ශතක 100 ඉක්ම වූ එකම පිතිකරුවා ද වනවා. 

සිය යුගයේ පිතිකරුවන්ට සංත්‍රාසය ගෙන දුන් දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඞ් ටෙස්ට් තරඟ 72කදී කඩුලු 330ක් සහ එක්දින ජාත්‍යන්තර කඩුලු 272ක් බිඳ හෙලීමට සමත් වුණා. 

ඔවුන් දෙදෙනා ICC සදාතනික ක්‍රිකට් ශූරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කර ඇත්තේ ලන්ඩනයේ පැවති අයි.සී.සී, වාර්ෂික සමුළුවේදියී. 

එම ලැයිස්තුවට ඇතුළත් වන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ මුත්තයියා මුරලිදරන්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top