Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
1,022
Views
අධික වැසිසහිත කාලගුණය නිසා මේ දිනවල සිදුවන අවාසනාවන්ත විපත් ගැන ආරංචි රැසකි.

ඊයේ (18) ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන ටොරින්ටන් තේ වත්ත ප්‍රදේශයේ ආග්‍රල්බෙත්ත කොටසේ දී වැසි ජලයට ගසාගෙන යෑම නිසා මියගිය දොළොස් හැවිරිදි දැරියකගේ මළ සිරුරක්  සොයාගන්නට හැකිවිය.

මෙසේ මියගියේ මදියලගන් ලක්ෂ්මි (12) නමැති දැරියගේ සිරුරයි. 

ඇය සමග මදියලගන් සංගීතා යන අයද ගසාගෙන බව කියැවෙන නමුත්  රාත්‍රි වන තුරුත් ඇයව සොයා ගැනිමට නොහැකි විය.

 මෙම දැරියන් දෙදෙනා එකම පියාට දාව මව්වරුන් දෙදෙනෙකුගේ දරුවන්ය.ඔවුන් ටොරින්ටන් දෙමළ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර කොත්මලා ඔයට ජලය සැපයෙන ඇල මාර්ගයක් පිටාර ගලා යන ජලයට හසුව ගසාගෙන ගොස් ඇත.මෙම අනතුර 18  දා ප.ව.3.30 ට පමණ සිදුව තිබේ.සොගාගත් දැරිවියගේ මෘත දේහය ආගරපතන රජයේ ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර අද (19) දිනයේ දී හදිසි මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිතය.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top