Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
154
Views
පුනානි ප්‍රදේශයේ ඉදිකරගෙන යන නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් යැයි කියන "බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම" නමැති විශ්ව විද්‍යාලය සඳහා සෞදි තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757කට අධික මුදලක් මෙරට රාජ්‍ය බැංකුවකට ඒවා ඇතැයි කියන සිද්ධියකට අදාළව පරීක්ෂණයක් ආරම්භ කළ බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ(18) දැනුම් දුන්නේය. 

අංක 10/18 ලේක්ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකා හීරා පදනම සහ බැටිකලෝ කොල්ජ් පුද්ගලික සමාගම සහ "බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම" සඳහා සෞදි රාජ්‍යයේ තහනම් සංවිධානයක් විසින් ලබා දී ඇති මෙමෙ මුදල්වල නීත්‍යනුකූලභාවය හා එම මුදල් එම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යොදා ගත්තාද නොඑසේනම් ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදවා ගත්තේද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බවද මුල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top