Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
1,403
Views

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වඩාත්ම තියුණු අවසාන මහා තරගයක් පසුගියදා එංගලන්තයට ජයගෙන දෙමින් නිමාවීමෙන් අනතුරුව එම තරගයේ පැවැති තියුණු බව නිසාම සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි.  

ඒ අනුව නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජිමී නීෂම්ගේ සහ ලොකී ෆර්ගියුසන්ගේ පාසල් ක්‍රිකට් පුහුණුකරුවා වූ ඩේවිඩ් ජේම්ස්  ගෝඩ්න් මහතා පසුගියදා නිමාවූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ සුපිරි පන්දුවාරය නරඹමින් සිටි අස්ථාවේදී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

එම වාර්තාවන්ට අනුව ඉතාමත් උද්යෝගයෙන් නවසීලන්තයේ ජයග්‍රහණය අපේක්ෂා කරමින් අවසාන මහා තරගය නරඹා ඇති ඩේවිඩ් ජේම්ස් ගෝඩ්න් මහතා, සුපරි පන්දුවාරයේදී ජිමී නීෂම් එල්ල කරන ලද හයේ පහරක් නැරඹීමෙන් අනතුරුව ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඩේවිඩ් ජේම්ස් ගෝඩ්න් මහතාගේ දියණිය විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ තම පියා ඉතා උද්යෝගයෙන් තරගය නරඹමින් සිටි බවත් එම තරගයේ සුපිරි පන්දුවාරයේදි ජිමී නීෂම් හයේ පහරක් එල්ල කිරීමත් සමඟින් තම පියා අවසන් හුස්ම හෙළනු තමා දුටු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත. 

මේ අතර ජිමී නීෂම් ද තම පාසල් ක්‍රිකට් පුහුණුකරුවාගේ වියෝව සම්බන්ධයෙන් සිය නිල ‘ට්විටර්’ ගිණුමේ සංවේදී සටහනක් තබා තිබිණි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top