Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
154
Views
මෙවර අධ්‍යයනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 05 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

එමෙන්ම, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයද අගෝස්තු මස 04 වැනිදා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. 

උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 37,704 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2678 කදී පෙනී සිටීමට නියමිතයි. 

එමෙන්ම, ශිෂ්‍යත්ව විභාගය සඳහාද සිසුන් තුන්ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, උසස් පෙළ විභාගයට අදාළව මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රි දොලහේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීමද තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මීට අමතරව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව මේ මස 31 වැනිදා මධ්‍යම රාත්‍රි දොලහේ සිට විභාගය අවසන් වනතෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බවද විභාග දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ අතර, ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් විභාග පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දනය කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top