Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
233
Views
අප්‍රිකානු පාපන්දු ශූර බැචෙලර් ඝාතනය වූ පුවත ආරංචි වන්නේ දකුණු අප්‍රිකාවෙනි. එරට හිටපු පාපන්දු ශුරයකු වන මාර්ක්‌ බැචෙලර් පසුගිය සඳුදා (15) ජොහැන්සන්බර්ග්හි ඔහුගේ නිවස අසල වෙඩි තබා ඝාතනයට ලක්‌කර ඇත.
 
 මෙම පුවත සැලවීමත් සමග සමාජ මාධ්‍යජාල ඇතුළු දකුණු අප්‍රිකානු ජනතාව ඉමහත් ශෝකය ප්‍රකාශ කර තිබේ.
 
 පසුගිය සඳු දින සන්ධ්‍යාවේ බැචෙලර් ජොහැන්ස්‌බර්ග්හි පිහිටි තම නිවසේ සිටි අතරවාරයේ නාඳුනන තුවක්‌කුකරුවකු විසින් කළ වෙඩිපහරකින් ඔහු ජීවිතක්‍ෂයට පත්ව ඇත. එරට බලධාරීන් පවසන අන්දමට ඉතා සූක්‌ෂමව මෙම වෙඩි පහර එල්ල කර අතර, පහර එල්ල කළ ඉලක්‌කය අනුව පළපුරුදු අපරාධකරුවකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට නිගමනය වී ඇත. දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්තා කරන අන්දමට වෙඩික්‌කරු විසින් බැචෙලර් හට වෙඩි පහර කිහිපයක්‌ම එල්ල කර ඇති අතර, නිල නොවන මාධ්‍ය වාර්තා කරන්නේ, ඉතා කෙටි දුරක සිට වෙඩිපහර හතක්‌ ඔහු වෙත එල්ල කර ඇති බවයි.
 
 හිටපු පාපන්දු ශූරී බැචෙලර්ගේ මිනීමැරුම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කර ඇතැයි එරට බලධාරීන් පවසති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top