Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 18
1,356
Views
2019 වර්ෂයේ ජුලි හත උදාවූ දින උදේ අටට පමණ හසලක පොලීසියේ ස්ථානාධිපතිවරයා හමුවට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයකු හඳුනා ගන්නට ස්ථානාධිපතිවරයාට එතරම් වෙලාවක් ගත වූයේ නැහැ. ඔහු 28, ඇළ කොළොන්ගොඩ ගමේ, ප්‍රජා කමිටුවේ සභාපතිතුමායි.
 
ඔහු සමඟ පැමිණි අනෙක් පුද්ගලයා දැඩි කලබලකාරී ස්වභාවයකින් සිටින අයුරු ස්ථානාධිපතිවරයාට නිරීක්ෂණය වුණා. ඒ සමඟම ස්ථානාධිපතිවරයා ඉදිරියට ආ එම පුද්ගලයා සිය අත තිබූ වක් පිහිය දික්කොට පැවසූ දෙයින් ස්ථානාධිපතිවරයා නිසොල්මන් වුණා. පිහිය දිගු කරන ඔහු පැවසුවේ "මම පිහියෙන් කපලා කොටලා මගේ පවුලව මැරුවා" ලෙසයි.

මොහු පොලීසිය රඳවා තබා ස්ථානාධිපතිවරයා කණ්ඩායමක්ද සමඟ ඝාතනය වූ නිවස බලා පිටත්ව ගියා. පොලීසිය යන විට අවට පිරිස් එම නිවෙස අසළ රොක්ව සිටි අතර නිවස පිටුපස ඇවිලී ගිය ගින්නක් නිවා දමා තිබෙන අයුරු දිස්වුණා. එම ගිනිගොඩ අසල යන්තමට පිළිස්සි ගිය බරපතල කැපුම් තුවාල සහිතව මිය ගිය කාන්තාවකගේ සිරුර වැටී තිබුණා.
 
ඇය මීට ටික වෙලාවකට පෙර පොලීසියට පැමිණ භාර වූ පුද්ගලයාගේ බිරියයි. ශ්‍රීයානි දයාරත්න වන ඇය 42 හැවිරිදි තිදරු මවක්. කලක් විදෙස් ගතව සිට පසුගිය අප්‍රේල් මාසයේ මෙරටට පැමිණ තිබූ අතර පැමිණිමෙන් අනතුරුව ඇය වැඩිපුර කාලයක් ගෙවා දමා තිබුණේ සැමියා හා දරුවන් සමඟ මෙම නිවසේ නොව ගම්පොළ පිහිටි සිය මවගේ නිවසේයි.
 
ඉදහිට ඇය සැමියා හා දරුවන් බැලීමට ආවත්, එහි වැඩි දිනක් ගත නොකරනවා සේම සැමියා ප්‍රතික්ෂේප කොට ඔහු හා රණ්ඩු සරුවල් ඇති කරගැනීමට ද කටයුතු කර තිබුණා. අවසන් වරට ඇය සැමියාගේ නිවසට පැමිණෙන්නේ ජූලි 6 වැනිදා සවසයි. ඒ සිය මවද සමඟයි.
 
ඇය එදින සිය මව සමඟ සැමියාගේ නිවසට පැමිණ තිබුණේ රාත්‍රීය එහි ගත කිරීමට සිතාගෙනයි.
 
"ඊයේ හවස ගෑනි ගෙදර ආපු වෙලාවේ මම කිව්වා අපි පරණ දේවල් සේරම අමතක කරලා ආපහු සතුටින් එකට ජිවත් වෙමු කියලා.. ඒත්.. එයා ඒකට චුට්ටක්වත් කැමති වුණේ නෑ. වෙනදා වගේම මට උඹ බං බොලං කියලා නරක වචනවලින් බැනලා උඹට ඕනනම් ගෑනු සීයක් උනත් අර ගනිං, මට උඹගෙන් වැඩක් නෑ කියලා කිව්වා.."
 
ඔහු සියල්ල එසේ හෙළිකරන්නට වුණා.
 
ඔහු පවසන පරිදි ඔහු හා වචන හුවමාරු කරගත්තද ඇය එදින නිවසින් පිටව යාමට උත්සහ කර නැහැ. ශාන්ති ඇයගේ මව හා පුතුන් තිදෙනා රාත්‍රීයේ නිදි සුව විඳිමට එක කාමරයකට ගුලි වෙද්දි සැමියා ඩග්ලස් ඔබේසේකර නිවසේ වූ වෙනත් කාමරයකට වී තනියම නින්දට වැටුණේ සිය බිරිය කරන මේ නොසලකා හැරීම් ගැන දඩි කනස්සල්ලෙනුයි.
 
පසුදාට පහන් වුණා. උදේ රැයින්ම මුල්තැන්ගෙට වැදුනු ශාන්ති ආහාර පිළියෙල කරන්න වුණා. කලකට පසු මවගේ අතින් පිසින ආහාර වේලක රස බැලීමට දරුවන් තිදෙනා මඟ බලා සිටියද්දි සැමියාගේ දිවටද ඇයගේ ආහාරවල රසය දැනෙන්නට ඇති.
 
ඉන් අනතුරුව මුහුණ කට සෝදාගෙන හැඳ පැළඳ ශාන්ති නිවසින් පිට වන්නේ මව සමඟ ගම්පොළ යාමට නොව ගම්පොළ යාම සඳහා මව බසයකට ගොඩ කිරීමටයි.
 
මව ඇරලවූ ඇය ආපසු නිවෙසට පැමිණි අතර ඒ දුටු ඩග්ල්ස් ගේ හදවතට දැඩි සතුටක් දැනෙන්නට ඇති. ඇය අසලට ගිය ඔහු ඇය අමතා පෙර පුරුදු වචන පේළියම මුමුණන්නට වූයේ මෙදා සැරේ නම් ඇය තමාගේ වචනයට එකඟ වනු ඇතැයි අනුමාන කරමිනුයි.
 
ඒ ඇය මව සමඟ යන්නට නොයා යළි නිවසට පැමිණිම සුබදායක ඉදිරියකට මුලපිරීමක් විය යුතු යැයි ඔහුට සිතුණ නිසායි.
 
යළි ආදරණීය පවුලේ දිවියකට බිරියට ආරාධනා කළ සැමියාට අහන්නට ලැබුණේ ඇයගේ පෙර වාග් ප්‍රහාරයම පමණයි.
 
"උඹත් එක්ක මට කිසිම සම්බන්ධයක් නැහැ. උඹට ඕනනම් ගෑනු සීයක් හරි අරගනින්. මාව අතඇරලා මගේ පාඩුවේ මට ඉන්න දීලා උඹ උඹේ වැඩක් බලාගනින්.."
 
"මගේ ගෑනි මට බැනලා මට එයාව එපා කරවලා අර යාළුවෙලා ඉන්න හොර මිනිහා එක්ක යන්න හදනවා කියලා මට තේරුණා. ඒ නිසා මම තීරණය කළා මට නැති උඹ කාටවත් අයිති වෙන්නත් බෑ කියලා. පස්සෙ තමයි මම ඒකිව මරන්න හිතුවේ.."
 
විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනුව ශාන්තිගේ පියාද කල් ගෙවන්නේ මේ නිවසේයි. ඒ මීට අවුරුදු දහතුනකට පෙර සිටයි. ඔහු සිය දියණියගේ නිවසේ මෙසේ කල් ගෙවන්නේ බිරිය සමඟ අමනාප වී පැමිණිමෙන් අනතුරුවයි.
 
දියණියත්, බෑණාත්, ඔවුන්ගේ පුතුන් තිදෙනාත් සමඟ ජිවත් වන ශාන්තිගේ පියා ගෙදරට වී ගස් කැපීම්, වතු හෙළි පෙහෙළි කිරීම් ඇතුළු අතට කීයක් හරි ලැබෙන කුලී වැඩවලට නිරත වුණා.
 
ඒ සඳහා ඔහු වක් පිහියක් භාවිතා කළ අතර එය ඔහු තබන්නේ ඇඳුම් අල්මාරියේ බව ඩග්ලස් දැන සිටියා.
 
තමා අතහැර දමා යන්නට හදන ශාන්ති තවදුරටත් මෙලොව විසීම පලක් නැහැ. එබැවින් දැන් මේ මොහොතේම මේ ආරවුලේ කෙළවරක්ද දැකිය යුතුයි. එලෙස සිතූ ඔහු මාමන්ඩියගේ කාමරයට ගොස් එහි අල්මාරිය උඩ වූ වක් පිහිය අතට ගත්තා. ඔහුට මේ වැඩය ලේසි වන්නේ මාමණ්ඩිය නිවසේ නොසිටි නිසායි. දරු තිදෙනාගේ වැඩිමල් දෙදෙනා ද නිවසේ නොවූ අතර සිටියේ බාල පුතා පමණයි.
 
ශාන්ති මුලුතැන්ගේ බිත්තියට මුහුණ දී හිටගෙන සිටින අයුරු දකින ඔහු අතේ වූ වක් පිහියෙන් වේගවත් පහරක් ඇගේ ගෙල ප්‍රදේශයට එල්ල කළා.
 
ඒ මාරාන්තික පිහි පහර ඇයගේ ගෙල ගැඹුරටම කිඳා බැස්සේ ඇය ඒ මොහොතේම පරලොව යවමිනුයි.
 
ඉන් අනතුරුව ඔහු කළේ සිය අත වූ වක් පිහියෙන් කෑලි කැපී යන තරමට ඇගේ සිරුරට දැඩි පහර එල්ල කිරීමයි. හිතේ වූ තරහද ඉන් සන්සිඳුනේ නැහැ. ඔහු ඊළඟට කළේ කෙස් වැටියෙන් අල්ලා මුලුතැන්ගෙයි හරහා ඇය පිළිකන්නට ඇදගෙන යාමයි.
 
"එළියේ පිදුරු ගොඩක් ගහලා තිබුණා. මම ඒකිව ඇදගෙන ගිහින් පිදුරු ගොඩට දාලා කුස්සියේ තිබුණ ගිනිපෙට්ටිය අරගෙන ගිහින් පිදුරු ගොඩට ගිනි තිව්වා. මගේ අතේ තිබුණ ලේ ගිනි පෙට්ටියේ ගෑවුණ නිසා ගිනිකූරු හරියට පත්තු වුණේ නෑ. ඒක නිසා මට පිදුරු ගොඩට හරියට ගිනි තියාගන්න බැරිවුණා..."
 
මුලුතැන්ගේ දෙසින් ඇසුණු මාරාන්තික හඬට බිය වූ පුතා ඒ දෙසට පැමිණෙන නමුත්, ඒ බව දුටු පියා එළවා දමන්නට පියවර ගත්තා. බියට පත්වන ඔහු එම ස්ථානයෙන් දිව යන්නට වුණා. කෑගැසීම්වල හඬ ඇසී මෙම නිවෙස අසලට එන අසල්වාසීන් ගින්න නිවා දැමීමට කටයුතු කළා.
 
"පස්සෙ මම අතපය හෝදලා ඇඳුම් මාරුකගෙන පිහියත් හෝදලා අතට ගත්තා. අරගෙන ගමේ ප්‍රජා කමිටුවේ සභාපති මහත්තයා හම්බෙන්න ගියා. ගිහින් කිව්වා මම කපලා ගෑනිව මැරුවා පොලිසියට යන්න ඕනි කියලා.."
 
සැකකරු එසේ සියල්ල හෙළි කළා.
 
ගෘහ සේවයට වරින් වර විදෙස්ගත වූ ශාන්තිට පසුකාලීනව සැමියා එපාවෙන්නට පටන්ගෙන තිබුණා. විදෙස් ජිවිතයට හුරු වූ ශාන්තිට ඔහු එපා වූයේ ඔහු කළ දෙයක් නිසා නොව ඔහු බුලත්විට කෑම, මඩ පෙරාගෙන ගොවිතැනේ යෙදීම ආදිය නිසයි.
 
බුලත් හැපුවාට ඔහු ජිවිතයට අරක්කු ටිකක් හෝ කසිප්පු කටේ තැබූ අයෙකුද නොවන බව ගම්වැසියන් පවසනවා. කා අතරත් හොඳ හිත දිනාගෙන සිටි ඔහු බිරිය විදෙස්ගතව හරි හම්බ කරන මුදල් සිය අවශ්‍යතා සඳහාද යොදා ගත්තේ නැහැ. කල්ගතවෙද්දි ඇය ඔහුට මුදල් එව්වේද නැහැ.
 
ඔහු දැඩි මානසික පීඩනයකට ලක් වන්නේ දිනෙන් දින බිරිය තමාගෙන් ඈත්වන්නට ගන්නා උත්සහය නිසයි.
 
"ඇයි ඔයාට මාව එපාවුණේ කියලා මම කවදාවත් එයාගෙන් අහලා නෑ සර්.. ඒ නිසා මම හරියටම දන් නෑ ඇයි එයා මාව ඈත් කරන්න හැදුවේ කියලා. ඒත් ඒකි රට දී වෙන එකෙක් යාලු වෙච්ච නිසා තමයි මාව එපා වෙන්න ඇත්තේ ඒ කවුද ඉන්නේ කොහේද කියන්න මම දන්නේ නෑ. හැබැයි.. මට මේ තරමට බැන බැන මාව පැත්තකට කරන්න හැදුවේ ඌත් එක්ක යන්න කියලා නම් මට හොඳටම විශ්වාසයි.."
 
වසර ගණනක් එකට එක්ව ජිවත් වී දරුවන් තිදෙනෙකුද සැදීමෙන් අනතුරුව ඔවුන් උස් මහත් වෙද්දි පවුලේ අම්මා මේ සියල්ලටම පිටු පා වෙනත් ඇසුරක පැටලීම කෙතරම් නින්දිත ද? පවුලේ අයට ලැජ්ජාවක්ද?
 
රට රැකියා ගොස් මුදල් හරි හම්බකරන්න යන බොහෝ කාන්තාවන්ට මෙම ඉරණම අත් විඳින්නට සිදුවන අතරේ ඇතැම් විට සිදු වන්නේ අකාලයේ සැමියා අතින් ඝාතනය වීමටයි.
 
තක්ෂිලා ජයසේකර
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top