Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 18
858
Views
2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය කිසිවෙකු නොසිතූ අන්දමින් තියුණු මුහුණුවරක් ගත්තා. එම තරඟය අවසන් වුණේ ලකුණු සම වීමෙන් පසු සුපිරි ඕවරයේ ද ලකුණු සම වීමෙනුයි.

එම නිසාම තරඟයේ එල්ල කළ වැඩිම හතරේ පහර සහ හයේ පහර ප්‍රමාණයෙන් තරඟයේ ජයග්‍රාහකයා තීරණය කරන්නට සිදු වුණා.

නමුත් මෙම තරඟයේ තීරණය වෙනස් වීමට ප්‍රධාන ලෙසම බලපෑ හේතුවක් වූයේ මාටින් ගප්ටිල් විසින් පන්දුව රැකගෙන කඩුල්ල වෙත එල්ල කරද්දී පන්දුව බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී පන්දුව හතරේ සීමාවට යෑමයි.

එහිදී හතරේ සීමාවට ගිය ලකුණු 4ත් එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු අතර දුවමින් ලබා ගත් ලකුණු 2ත් සමඟ මුළු ලකුණු 6ක් හිමි වී තිබුණා. එහිදී ඔවුන්ට හිමි විය යුතු ලකුණු සංඛ්‍යාව 5ක් බවයි පසුව අනාවරණය වුණේ.

කෙසේ වෙතත් පිත්තේ වැදී හතරේ සීමාවට පන්දුව යෑමෙන් ලැබුණු අමතර ලකුණු 4 ඉවත් කරන්නට හැකි දැයි තමා විනිසුරුවරුන්ගෙන් ඇසූ බව "බෙන් ස්ටෝක්ස්" එංගලන්තයේ හිටපු ක්‍රීඩකයෙකු වන "මයිකල් වෝන්ට" පවසා තිබෙනවා. ඒ බව වොන් එරට මාධ්‍ය වෙත හෙළිකර තිබුණා.

මෙම සිදුවීම අනාවරණව වී තිබෙන්නේ එංගලන්තයේ තවත් වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන "ජිමී ඇන්ඩර්සන්" මේ පිළිබඳව මාධ්‍යට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

ජිමී ඇන්ඩර්සන් මාධ්‍යට පවසා තිබෙන්නේ “ක්‍රීඩාවේ ආචාරධර්ම වලට අනුව ඒ අවස්ථාවේ දී ක්‍රීඩකයෙක් පන්දුව එන මග හිතා මතා ආවරණය කරමින් සිය කඩුල්ල රැකගත්තේ නම් එය වරදක්. නමුත් මේ අවස්ථාවේ දී මම හිතන්නේ නැහැ එහෙම දෙයක් වුනා කියලා. නමුත් අවාසනාවන්ත ලෙස පන්දු රකින්නා කඩුල්ලට එල්ල කළ පන්දුව ස්ටොක්ස්ගේ පිත්තේ වැදී 4 සීමාවට ගියා. එය ක්‍රිකට් පොතේ දැනට තිබෙන නීතිය අනුව 4 පහරක් වුනත් කිසිම කෙනෙක්ට මොකුත් කරන්න බැහැ.” යනුවෙන්.

මෙම සිදුවීම ගැන තරඟයෙන් පසුව බෙන් ස්ටෝක්ස්ද අදහස් දක්වා තිබුණා. 

ඒ අනුව ඔහු පවසා තිබෙන්නේ “මම මගේ ජීවිත කාලය පුරාවට කේන්ගෙන් සමාව ඉල්ලනවා. මේ දෙය අපිට මෙහෙම වෙන්න කියලා තරුවල ලියලා තිබුණා වෙන්න පුළුවන්.” ලෙසයි.

නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන්ද මේ ගැන අදහස් දක්වා තිබූ අතර ඔහු පවසා සිටියේ “එය තරමක ලැජ්ජාවක්. සිදු විය නොයුතු යමක්. ඔබ බලාපොරොත්තු වෙන්නේ එවැනි සිදු වීමක් මෙවැනි මොහොතක සිදු නොවිය යුතුයි කියලා. ඇතැම් වෙලාවකට මෙම ලෝක කුසලානය අපිට හිමි නොවීමට තිබෙන්න ඇති. මම හිතන්නේ නැහැ මෙවැනි සිදුවීමක් මීට කලින් සිදු වෙලා ඇති කියලා. ක්‍රීඩාව පිළිබඳ පොඩි පොඩි දේවල් ගොඩක් තිබෙනවා අපි නොසිතුවාට ක්‍රීඩාවට ඒවා ඉතා වැදගත්.” යනුවෙන්.

 ලකුණු 4 හිමිවූ වීඩියෝව පහතින් 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top