Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 18
470
Views

Whatsapp සහ Telegram යන සන්නිවේදන යෙදුම් දෙකෙහි ඇති ප්‍රධාන ආරක්ෂක දෝෂයක් නිසා එම යෙදුම් පරිශිලයන්ගේ එම යෙදුම් හරහා පැමිණෙන ඡායාරූප, වීඩියෝ සහ ශ්‍රව්‍ය පටය බැලීමට, ඇසීමට හා හැසිරවීමට හැකර්වරුන්ට ඉඩ පවතින බව සයිබර් ආරක්ෂණ සමාගමක් වන Symantec විසින් අනාවරණය කර තිබෙනවා. 

මෙසේ හැකර්වරුන් සිදුකරන ක්‍රියාවලිය ‘Media File Jacking’ යනුවෙන් ඔවුන් විසින් හදුන්වා දී තිබෙනවා.

Whatsappපණිවිඩ හුවමාරුවේදී end to encryption ආරක්ෂණ පහසුකම සහිත වුවත් ලැබෙන පණිවිඩ ජංගම දුරකතනයේ ගබඩා කර තබාගැනීමට Whatsapp සහ Telegram මාධ්‍ය ගොනුවට ස්වයංක්‍රීයව පිටපත් වන අවස්ථාවේදී හැකර්වරුන් එම මාධ්‍ය බහාලනු ලබන මාධ්‍ය ගොනුවට පිවිස ඒ අදාළ චායාරූපය, වීඩියෝ පටය, ශ්‍රව්‍ය පටය යම් වෙනස් කිරීමකට භාජනය කරනු ලබන අතර ඡායාරූපවල මුහුණු හඳුනාගෙන ඒවා වෙනත් දෙයක් හෝ වෙනත් පුද්ගලයෙකුගේ මුහුණක් සමඟ ප්‍රතිස්ථාපනය කරනු ලබනවා.

මෙම ‘Media File Jacking’ යනුවෙන් හදුන්වන ආරක්ෂක දෝෂය නිසා මෙමගින් බලපෑමකට ලක්වනු ලබන වින්දිතයා නොදැනුවත්වම තමා ජංගම දුරකතනයෙන් Whatsapp සහ Telegram යන යෙදවුම් භාවිතා කරන කාලය තුළ තමන්ගේ දුරකතනයේ පවතින පුද්ගලික ඡායාරූප හා වීඩියෝපට වල හැසිරවීමේ හැකියාව හැකර්වරයෙකුට ලබාදන බැවින් මේ පිලිබදව අවධානයෙන් පසුවන්න යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාව දැනුවත් කරන බව එහි සභාපති යසිරු කුරුවිටගේ පවසනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top