Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 18
404
Views
මන්ද මානසික තත්ත්වයේ පසුවෙන12 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සැකපිට බණ්ඩාරවෙල කුරුකුදේගම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

පෙරේදා (16) රාත්‍රියේ මෙම සැකකරු අදාළ දැරියගේ නිවසට නුදුරින් නිවසක පදිංචිකරුවෙක් බවත් “චූටි මාමා“ නමින් මෙම දැරිය ඔහුව හඳුන්වනු ලබන අතර මෙම පුද්ගලයා දුරස්තර නෑයෙකු බවත් විමර්ශනවලදී අනාවණය වූ බව පොලීසිය සඳහන් කළේය.

මීට පෙර කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පැවත්වු සැකකරු එම කාන්තාවට දරුවෙක් ලැබුණ පසු ඇය අත හැර දමා තනිවම ජීවත්වී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දූෂණයට පත්වූ දැරිය සිය නිවසට පැමිණි අවස්ථාවක මේ අපරාධය සිදුකර තිබෙන බව පැමිණිල්ලේ සඳහන්ව ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල් ගත කර ඇති අතර සැකකරු ඊයේ (17) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතව තිබේ.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි අසිත ද සිල්වා මහතාගේ උපදෙස් මත බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.බී.එස්.ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top