Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 18
354
Views

එංගලන්තයේ ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් අවසාන මහා තරගයේදී පන්දු 98ක් තුළ නොදැවී ලකුණු 84ක් රැස්කර ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත් බෙන් ස්ටෝක්ස්ට බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව නාමය වන ‘නයිට්’ පදවිය පිරිනැමීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.

වර්තමාන එංගලන්ත අග්‍රාමාත්‍ය තෙරේසා මේ එම තනතුරින් නික්ම යෑමෙන් අනතුරුව ඒ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් දෙදෙනාද ස්ටෝක්ස්ට එම ගෞරවය ලබා දීම සම්බන්ධයෙන් ඉතා සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා. 

ඒ අනුව අගමැති අපේක්ෂකයකු වන බොරිස් ජොන්සන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ස්ටෝක්ස් හට නයිට් පදවියක් සහ ආදිපාද තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් තමන් කටයුතු කරන බවයි. 

එමෙන්ම අනෙක් ප්‍රධාන අගමැති අපේක්ෂකයා වන ජෙරමි හන්ට් පවසා ඇත්තේ තමන් අනිවාර්යයෙන් ස්ටෝක්ස්ට නයිට් පදවිය ලබා දීමට කටයුතු කරන බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top