Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
639
Views

ෆේස්බුක් තුළින් දැනහඳුනාගත් තරුණයකු සමඟ තම බිරිය පැවැත්වූ ප්‍රේම සම්බන්ධය හෙළිදරව් වීමෙන් පසු ඇතිවූ බහින්බස් වීමකදී පුරුෂයා විසින් බිරියගේ කනෙන් කෑල්ලක් කඩාගැනීමේ අපූරු සිද්ධියක් වැල්ලව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

හිරිපිටිය, කලුගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක්වූ තම බිරිය මීගමුව ප්‍රදේශයේ තරුණයකු සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පුරුෂයාට ඒ සබඳතාව හසුවී ඇති බවත්, බිරිය හා සැමියා අතර ඇතිවූ ආරවුලකදී බිරියගේ වම් කන සපා කනේ කෑල්ලක් කඩාගෙන ඇති බවත් වැල්ලව පොලිසිය කියයි. කඩාගත් කනේ කෑල්ලද සමඟ බිරිය කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත. රෝහලේ වෛද්‍යවරුන් සිදුකළ සැත්කමකින් පසු කනේ කෑල්ල බද්ධ කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

35 හැවිරිදි පුරුෂයා හා 32 හැවිරිදි බිරිය දරුවන් තුන්දෙනකුගේ මවුපියෝ වෙති. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. වැල්ලව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බණ්ඩාර විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්‍ෂක රූපසේන, පො.සැ. බන්දුල (12515), පො.කො. සිසිර (35695) යන නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.

කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top