Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
654
Views
ලොව සිටින සුපිරි ගණයේ පිතිකරුවෙක් තමයි මාර්ටින් ගප්ටිල් කියන්නේ . නවසිලන්ත ජාතික ක්‍රීඩකයකු වන මොහු නවසීලන්තය වෙනුවෙන් තරඟ රැසකට ක්‍රීඩා කර තිබෙන අතර ඔහුගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසාම ලොව සිටින දක්ෂ වේගපන්දු යවන්නන් රැසක් ඔහු ක්‍රීඩාංගණයට පැමිණෙන විට යම් තිගැස්සමකට ලක් වෙනවා වගේම ඔහු බොහොවෙලාවක් තණතිල්ලේ රැදී සිටියහොත් තම පිලට ජයගෙන ඒමට ඔහු දැඩි කැපවීමක් මෙන්ම දක්ෂතාවයක් පෙන්නුම් කරනවා .

කෙසේවෙතත් මෙම සුපිරි ගණයේ වීරයා ගැන බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් තියෙනවා . ඒ තමයි මෙම සුපිරි වීරයාට වයස අවුරුදු 13 දී මුහුණ දීමට සිදුවුණු හදිසි අනතුරක් නිසාවෙන් ඔහුගේ වම් පාදයේ ඇගිලි තුනක් ඉවත් කිරීමට සිදුවීමයි . ඔහු තුල තිබුණු දැඩි අධිෂ්ඨානය නිසාවෙත්ම දැඩි බාදක සහ කම්කටොලු මැද තම ජීවිතය සාර්ථක කර ගැනීමට ඔහු සමත් වෙනවා. මන්දයත් තම රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු ලෙස ඔහු තම රට වෙනුවෙන් අප්‍රමාණ සේවයක් ඉටු කර තිබීමයි.

තම වම පාදයේ ඇඟිලි 2ක් පමණක් ඉතුරු වී තිබියදීත් අවශ්‍ය ඕනෑම වේලාවකදී ලකුණු රැස් කිරීමට සමත් වන මොහු දිවීමෙන් ලකුණු රැස් කිරීමටද කිසිම විටක මැලිකමක් දැක වුයේ නැහැ . කෙසේවෙතත් ලෝක කුසලාන අවසන් මහා තරඟයේ සුපිරි ඕවරය ක්‍රියාත්මක වන විටත් අවසන් පන්දුව සදහා ඔහුට ලකුණු 2ක් රැස් කිරීමට සිදුවෙනවා . ඒ තම රට වෙනුවෙන් ලෝක කුසලානය ලබා ගැනීමට ඔවුන්ට ලකුණු 2ක් රැස් කිරීමට අවශ්‍ය වූ තීරණාත්මක මොහොතේදීයි.

නමුත් අවසන් පන්දුවට එල්ල කල පහරින් නවසීලන්තයට ලබා ගැනීමට හැකි වුයේ එක් ලකුණක් පමණක් වන අතර එම මොහොතේ පන්දුවට පහරදුන් ගප්ටිල් ට ලකුණු දෙකක් ලබා ගැනීමට නොහැකි වෙනවා . කෙසේවෙතත් තම රට වෙනුවෙන් කෙතරම් වේදනාවක් දරාගෙන හෝ මෙම ලකුණු දෙක ලබාගැනීමට උත්සහයක් දැරු මෙම සුපිරි ක්‍රීඩකයාගේ උත්සාහය ලෝකයේ සිටින බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙනවා . එමනිසාම ඔහු අද ලොව සිටින දක්ෂ මෙන්ම ජනප්‍රියතම ක්‍රීඩකයකු ලෙසින් බොහෝ දෙනාගේ හිත තුල වැජඹෙමින් තිබෙනවා .

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top