Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
396
Views
මතුගම-හොරණ ප්‍රධාන මාර්ගයේ තෙඹුවන නාර්තුපාන බෝධිය අසලදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් බවටයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

තවත් යතුරු පැදියක් පසුකර යාමට උත්සහගත් අවස්ථාවේ යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැකපලකරන්නේ.

එහිදී යතුරු පැදිය බෝධි ආරක්ෂක වැටේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම තරුණයා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මියගොස ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ ගමන් කරමින් තිබූ අනෙක් යතුරුපැදියේ ගමන්කළ තවත් තරුණයන් දෙදෙනාද තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. 

තෙඹුවන පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top